BREAKING NEWS
Search

VVIP ලා කෙන්යා සවාරියක

324

ශ්‍රී ලංකා ගුවන් සේවය අප්‍රේල් 29 වනදා කෙන්යාවේ නයිරෝබි වෙත අතිවිශේෂ ප්‍රභූන් රැගත් (VVIP) ගුවන් ගමනක් සැලසුම් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවත්, එම යානය මගින් කෙන්යාව බලා ගමන් ගන්නා ප්‍රභූවරුන් කිහිප දෙනෙකු කෙන්යාවේ පූර්ණ අනුග්‍රහයෙන් සතියක කාලයක් සඳහා ගත කරනු ඇති බවත් දැනගන්නට ඇත.

පළමුව මෙම ගුවන් ගමන සැලසුම් කොට ඇත්තේ අපේ‍්‍රල් 22 වන දින සිදු කිරීමටය. නමුත් යම් හේතුවක් මත මෙම සංචාරය ලබන 29 වන දින දක්වා කල් දමා ඇති බව පැවසේ.

පූර්ණ අනුග්‍රාහක නිවාඩුවක් සදහා පැමිණෙන මෙම ප්‍රභූ පිරිස අතරට ව්‍යාපාරිකයින්, මාධ්‍යවේදීන් සහ නිරූපිකාවන් ඇතුළත් වන බව දැනගන්නට ලැබේ.

මෙම ප්‍රභූ ආරාධිතයන් සියල්ලන්ටම කෙන්යාවේ විවිධ ව්‍යාපාර සිදුකරන ‘මයිලීන්’ සමාගම මගින් දුරකථන ඇමතුමක් මගින් ආරාධනා කොට ඇති බව පැවසේ.

මෙම වී.වී.අයි.පී අමුත්තන් කෙන්යාවේ පූර්ණ අනුග්‍රහය යටතේ සතියක කාලයක් නවාතැන් ගනු ඇති බවත්, සංචාරක බුබුලක් යටතේ ගමන් කරන මෙම පිරිස සතියකට පසු නැවත ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බවත් ‘ඩෙිලි මිරර්’ පුවත්පත අද අනාවරණය කොට ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානා 3ක් උගන්ඩාවේ එන්ටබේ ගුවන්තොටුපොළ වෙත මෙට්‍රික් ටොන් 102ක ‘මුද්‍රිත අමුද්‍රව්‍ය’ රැගත් ගුවන් යානා 3ක් පිටත්ව ගොස් තිබුණේ මීට සති කිහිපයකට ඉහතදීය.

ඒ බවද ඩේලි මිරර් පුවත්පත අනාවරණය කොට තිබිණ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *