BREAKING NEWS
Search

මේ පාරත් වෙසක් නැති වෙයිද ?

256

කොරෝනා තුන්වන රැල්ලක් ඇතිවීම වළක්වා ගැනීමට නම් මාසයක කාලයක් සදහා දැඩි නීති රීතති පනවන ලෙසට වෛද්‍යවරුන් කණ්ඩායමක් ආණ්ඩුවට දැනුම් දීමක් කොට ඇත.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් රැස්ව ඇති කොවිඩ් මර්දනය පිළිබද ක්‍රියාකාරී කාර්යසාධක සමාලෝචන කමිටුවේදී වෛද්‍යවරුන් විසින් මෙම ඉල්ලීම සිදු කොට තිබේ.

එහිදී ඔවුන් පෙන්වා දී ඇත්තේ වෙසක් කලාප-දන්සල් ආදී ජනතාව ඒකරාශී වන උත්සව පැවැත්වීමට නොහැකි ලෙසට දැඩි නීති රීති පනවන ලෙසටය.

එමෙන්ම වෙසක් දින විහාරස්ථාන කරා පැමිණෙන බැතිමතුන් සීමා කරන ලෙසද එම වෛද්‍යවරුන් ඉල්ලීමක් කොට ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *