BREAKING NEWS
Search

දිස්ත්‍රික්ක 20ක මහජන ආරක්ෂාව වෙනුවෙන් තවත් මසකට ත්‍රිවිධ හමුදාව කැඳවයි

494

දිස්ත්‍රික්ක 20ක මහජන ආරක්ෂාව පවත්වාගෙන යාම සඳහා තවත් මසක කාලයකට ත්‍රිවිධ හමුදාව කැඳවමින් ජනාධිපධි ගෝඨාභය රාජපක්ෂ මහතා අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, හෙට (අප්‍රේල් 22) සිට අවශ්‍ය ඕනෑ ම මොහොතක මහජන ආරක්ෂාව පවත්වාගෙන යාමට යුද්ධ හමුදාව, නාවික හමුදාව හා ගුවන් හමුදාව කැඳවන බව ජනාධිපතිවරයා නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයේ සඳහන් වෙයි.

මහනුවර, මාතලේ, කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක හැර අනෙකුත් දිස්ත්‍රික්ක සඳහා එම ගැසට් පත්‍රය බලාත්මක වෙයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *