BREAKING NEWS
Search

“මේ සිදුකරන්නේ දේශපාලන රඟදැක්වීමක් ” විපක්ෂ නායකගේ පාස්කු සිහිකිරීම ගැන සමාජ මාද්‍ය ක්‍රියාකාරීන්ගේ වි රෝධය

226

පාස්කු සිදුවීමෙන් මියගිය අය සිහිකර අද (21) උදෑසන 8.45ට කිතුනු දේවස්ථානවල සීනූ නාද කර ඉන් පසුව මිනිත්තු 2ක නිහඬතාවයක් පැවැත්විය.

පාස්කු සිදුවීම්ට වසර දෙකක් පිරිම නිමිත්තෙන් පැවැත්වෙන විශේෂ අනුස්මරණ උත්සවය කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ සහභාගීත්වයෙන් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ දී ආරම්භ වුවේ මීට සුලු මොහොතකට පෙරය.

මේ අතර පාස්කු සිදුවීම වූ 2019 වසරේදී බලයේ සිටි ආණ්ඩුව වූ යහපාලන ආණ්ඩුවේ එවකට මැති, ඇමතිවරුන් වූ වත්මන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ඇතුලු පිරිසක් අද පාස්කු සිදුවීම සැමරුම සිදුකරන ලද ආකාරය මේ වන විට සමාජ ජාලාවල දැඩි කතා බහට ලක්වී ඇත.

ඒ ගැන විවිධ අදහස් සමාජ ජාලා වල සංසරණය වෙමින් පවතිනවා.

“පාස්කු සිදුවීම සිදුකල සහරාන් ඇතුලු පිරිස දිව්රුම දුන්නේත් කලු ඇඳුමින් සැරසීලා…දැන් ඒ පාස්කු සිදුවීම වෙනකන් ඉඳලා, ඒ ගැන හොයන්නේ බලන්නේ නැතුව වගකීමක් නැතුව ඉඳලා, දැන් අවුරුදු 2කට පස්සෙත් බලය නැති හින්දා නැති වුන මිනිස්සු ගැන බොරුවට කිඹුල් කඳුලු හෙලලා, ඒ වගේම කලු ඇඳුම් ඇඳලා මිනිස්සුන්ව අන්දවන්න යන්නේ,”

“මේ සිදුකරන්නේ දේශපාලන රඟදැක්වීමක් ” යැයි විවිධ දෙනා සමාජ ජාලාවල තුළ සටහන් තබමින් ඇත.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *