රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
Covid රටපුරා තව තවත් ව්‍යාප්ත වුවොත් සහ සෞඛ්‍ය අංශ සමඟ සියලු රාජ්‍ය සේවකයන් එක්ව කටයුතු නොකළහොත් සෞඛ්‍ය, ආර්ථික සහ සමාජීය වශයෙන් විශාල අර්බුදයකට ලක්ව රට විනාශයට පත්වීම වැළැක්විය නොහැකි බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කරයි.
මෙම ජාතික ආපදා අවස්ථාවේ සෞඛ්‍ය සේවාව සමග සියලු රාජ්‍ය සේවකයන් අත්වැල් බැඳගත යුතු බව ද ඇය අවධාරණය කරයි.
Covid මැඩලීමේ කටයුත්ත රජයට සහ සෞඛ්‍ය කාර්යමණ්ඩලයට පමණක් කළ නොහැකි බවත් රජයේ අනෙකුත් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී රාජ්‍ය නිලධාරීන් ප්‍රමුඛත්වය ගත යුතු බවත් ඇය සඳහන් කළාය.
ඇය මේ බව සඳහන් කරන ලදී සබරගමු පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.
Source – Aperata.net

















