BREAKING NEWS
Search

පාර්ලිමේන්තු සභා ගර්භයට මත්පැන් බෝතලයක් රැගෙන ආ බුද්දික පතිරණ

578

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා අද (අප්‍රේල් 20) පාර්ලිමේන්තු සභා ගර්භයට මත්පැන් බෝතලයක් රැගෙන විත් තිබිණි.

මත්පැන් බෝතලය ද අතැතිව පාර්ලිමේන්තුවේ පැවති විවාදයකට සහභාගී වෙමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ, විදේශ රටවල්වල සිට මෙරටට ආනයනය කරන මත්පැන් බෝතල් මත අලවා ඇති ස්ටිකරයේ මුද්‍රණය කර ඇති QR කේතය ස්කෑන් කළ ද ඉන් තොරතුරු කිසිවක් ලබා ගත නොහැකි බවය.

“මේ ආනයනය කරන අරක්කු හෝ ඒ හා සමාන විදෙස් මත්පැන් බෝතල් මත ස්ටිකරයක් අලවන්න. ඒ වගේ ම, ලංකාවේ නිෂ්පාදනය කරන බෝතල් මත ස්ටිකරයක් අලවන්න, මේ අලුතෙන් එන එක. ඒ වගේ ම තමයි ආපහු සැරයක් ලංකාව තුළ නිෂ්පාදනය කරන විදේශ මත්පැන් වෙනුවෙන් ස්ටිකරයක් අලවන්න.

මගෙන් අහන්න එපා කොහොම ද මේක සභාවට ගෙනාවේ කියලා. මං මේ අවස්ථාවේ පෙන්නනවා එහෙම ස්ටිකරයක් අලවපු බෝතලයක්. ඒකෙ මං වෙළෙඳ ව්‍යාපාරවල නම් ටික වහලා ගෙනාවේ බොහෝ ම පරිස්සමින්. මේකේ ස්ටිකරය අලවලා තියෙනවා. දැන් මේ ස්ටිකරයේ බාර් කෝඩ් එකක් තියෙනවා. මේ බාර් කෝඩ් එක අපේ ෆෝන් එකකින් අපේ ෆෝන් එකක කැමරාව ඕන් කරලා QR කෝඩ් එක රීඩ් කරන්න පුළුවන්.

මේක රීඩ් කරපුවා ම එන මැසේජ් එක තමයි ඒ ගැන කිසි ම තොරතුරක් සිස්ටම් එකේ නෑ කියලා.”

අදාළ ස්ටිකර් මුද්‍රණය කිරීම සඳහා ටෙන්ඩරය ඉන්දියානු සමාගමකට ලබා දී ඇති බවත් එහි ඇති වී තිබෙන ගැටලු හේතුවෙන් එම ටෙන්ඩරය මත ම වෙනත් ක්‍රමයකට එනම්, ඒ ස්ටිකර් වෙනුවට ඩිරෙක්ට් මාකින් කේත ක්‍රමයක් භාවිත කිරීමට උත්සහ දරන බව මන්ත්‍රීවරයා පෙන්වා දෙනු ලැබීය.

“මේකේ තියෙන බරපතළ ම ප්‍රශ්නය තමයි ඒ ගොල්ලොන්ට දුන්නු ස්ටිකර් ටෙන්ඩරය එතනින් එහාට විවිධ ප්‍රශ්න මතු වුණා ම දැන් ඒ ස්ටිකර් ටෙන්ඩරය නැතුව මේ අය හදනවා ඒකට වෙන විකල්පයක් ගේන්න. ඒ තමයි ස්ටිකර් වෙනුවට ඩිරෙක්ට් මාකින් කේත ක්‍රමයක්. එතකොට දැන් ස්ටිකර් එකක් අලවන්න රුපියල් 2ක් නම් යන්නේ, අරකට යන්නේ සත 25ක් විතර. දැන් අර ටෙන්ඩරය ම පාවිච්චි කරලා ඩිරෙක්ට් මාකින් කේත ක්‍රමයට දෙන්න යනවා.

එතකොට මං කියන්නේ යහපාලන ආණ්ඩුව කාලේ 2016/17 කාලේ කරපු සෙල්ලම ම දැන් කරන්න මේ ඉන්දියානු කොම්පැනිය කොච්චර දක්ෂ වෙලා තියෙනවා ද?

මේ දීලා තියෙන සමාගම එම්.එස්.පී. ආයතනයේ අධ්‍යක්ෂ ප්‍රතාප් සිං සහ නියාමන ආයතනය වන කෙන්යා බියුරෝ ස්ටෑන්ඩර්ඩ්ස් ආයතනයේ සාමාන්‍ය අධිකාරී ඔන්ගාවී ඇතුළු 17ක් අත්අඩංගුවට අරගෙන හිර භාරයට පත් කරලා තියෙනවා මේ අපිට ස්ටිකර් දෙන ආයතනය කෙන්යාවේදී කරපු වංචාවක් සම්බන්ධයෙන්. එම්.එස්.පී. ආයතනය ඉන්දියාවේ මත බේදයට තුඩු දෙන පාස්පෝට් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ඒ අය දූෂිතයි කියලා තීන්දු කරලා තියෙනවා.”

තාරක සම්මාන්
මව්බිම




Leave a Reply

Your email address will not be published. Required fields are marked *