පෙම්වතාට කෝටිපතියෙකු වෙන්න ඕනෑවී දරුවන් 10 ක් බිහි කළැයි කියා ලෝකයක් අන්දපු හැටි

376

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

පසුගිය සතියේ දකුණු අප්‍රිකානු මවක දරුවන් 10 දෙනෙකු එකවර බිහිකර ලෝක වාර්තාවක් තැබු බවට විදෙස් මාධ්‍ය ඔස්සේ පළවූ වාර්තාව නි වැ රදි නොවන බවට දැන් තහවුරුවී තිබේ.

පසුගිය සතියේ 07 වනදා එරට ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේ 37 හැවිරිදි ගොසියාම් සිතෝල් විසින් ප්‍රිටෝරියා අගනුවර පිහිටි බිකෝ ශීක්ෂණ රෝහලේ සිසේරියන් සැත්කමකින් ළදරුවන් 10 දෙනෙකු ( පිරිමි ළමයින් හත්දෙනෙකු හා ගැහැණු ළමයින් තිදෙනෙකු) ප්‍රසූත කර ඇති බවයි.

නමුත් දරුවන්ගේ “පියා” ලෙස හඳුන්වාගත් ටෙලෝගෝ සොරෙසි නමැත්තා මෙම සිද්ධියට ප්‍රසිද්ධිය ලබාදීමෙන් පසු ඔහු සොයා වැඩිදුර තොරතුරු සොයන්නට ආ මාධ්‍යවේදීන් විමතියට පත්කරමින් දන්වා ඇත්තේ තමා තවම දරුවන් දැක නැති බවත් මව තමන් සමග අම නා පවී දරුවන් සමග සැඟවී සිටිනා බවය.

නමුත් දරුවන් උපත ලද බව කියූ පිටෝරියා අගනුවර රෝහල මෙවැනි දරු උපතක් වාර්තාවී නැති බව දන්වා ඇත. එමෙන්ම එම පෙදෙස ඇයත් ගවුටන්ගේ ප්‍රාන්ත පාලක නිවේදනයක් නිකුත් කරමින් සිද්ධියට දින දෙකකට පසු දන්වා ඇත්තේ ඔවුන් අගනුවර සියලුම රෝහල් වලින් මේ ආකාර ප්‍රසූතියක් සිදුවුණාද යන්න සොයා බැලූ නමුත් එවැන්නක් සිදුවී නැති බවයි. එබැවින් මාධ්‍ය වාර්තා වලට නොරැවටෙන ලෙසද දන්වා තිබුණි.

මේ දක්වා ගිනස් වාර්තාව ලෙස පැවති එකවර දරුවන් 9 දෙනෙකු බිහිකරනු ලැබූ මාලි රාජ්‍යයේ මව අභිබවා දකුණු අප්‍රිකාවට කීර්තියක් අත්කර දුන්නේ යයි කියමින් මෙම උපත ගැන විවිධ විස්තර ජාත්‍යන්තර මාධ්‍ය වල පළවිය. දකුණු අප්‍රිකානු පුවත්පත්වල දරුවන්ගේ පියා යයි කියාගත් පුද්ගලයා ඡායාරූප සහිතව පෙනී සිටිමින් තමන් රැකියා විරහිත අයෙකු බව පවසා මුදල් ආධාර ඉල්ලීමට දුරකථන අංක පවා ප්‍රසිද්ධ කර තිබුණි.

මේ අතර දරුවන්ගේ මව ලෙස ප්‍රකටවූ 37 හැවිරිදි ගොසියාම් සිතෝල් සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් මුදාහරිමින් දන්වා ඇත්තේ තමන්ට දරුවන් ලැබී ඇතැයි කියූ සියලුම කතා අස ත්‍ ය බවයි. මේ සියල්ල තමාගේ පෙම්වතාගේ ‘කෝටිපතියෙකු වීමේ’ උවමනාවෙන් ගොතන ලද කතා බවයි.

පසුගිය මාසයේ මොරොක්කෝහිදී අවිවාහක මාලියන් කාන්තාවක දරුවන් රැසක් බිහි කළ බවට ආරංචි වීමෙන් පසු ඔවුන්ට ලෝකයේ දස අතින් මුදල් ආධාර හා තෑගිබෝග ලැබුණ හැටි ගැන තම පෙම්වතා කතා කළ බවත් තමන්ටද එවැනි වාසනාවක් ලබාගන්නට ආසාව ඇති බවට ප්‍රකාශ කළ බවත්ය. තමා ගැන පළ වූ වැර දි පුවත් නිසා කිසියම් අ පහ සුතාවයක් ඇතිවීම සම්බන්ධයෙන් ඇය සමාව අයැද සිටියාය.

තම පෙම්වතා වෙත මුදල් යැවීම නවත්වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා තිබේ. තමාගේ කුස තුළ සිටින දරුවන් ගැන මැවූ පුවතක් ඔස්සේ අලෙවිකරණයේ යෙදෙමින් පෙම්වතා සිදුකරන ප්‍රකාශ ගැන කම්පා වන බවත් ඇය කියා ඇත. ඔහුගෙන් බේ රීම ට තමා දැන් සැ ඟව සිටින බවත් මෙම වැ රදි ආරංචි නිසා තමාට සමාජය ඉදිරියේ පෙනීසිටීමට අපහ සුතා වයක් හටගෙන ඇතැයිද ඇය කියා සිටියාය.

පෙර විවාහයකින් නිවුන් දියණියන් සිටින ගොසියා පැවසුවේ තමන්වද ර ව ටා දරුවන් ලැබෙන්නට සිටින බවක් රඟපාන්නට පෙම්වතා ඉගැන්වූ බවත් පුවත්පත් සම්මුඛ සාකච්ඡා වලට පවා මාධ්‍යවේදීන් ගෙන්වාගත් බවය. කෙසේ වෙතත් මෙම රංගනය මෙතරම් බ රපත ල එකක් වනු ඇතැයි තමාට අවබෝධ වූයේ පසුව බවයි. පෙරේදා (15) පටිගතකළ ට්විටර් වීඩියෝවේ පෙනී සිටින අවස්ථාවේ ගොසියාන්ගේ උදරය නෙරාවිත් නොතිබූ අතර ගැබිණියක යයි හඳුනාගත හැකි කිසිදු ලක්ෂණයක්ද තිබුනේ නැත.

ඇය මේ වනවිට පෙම්වතා අතැර සිය දෙමාපියන් වෙත ගොස් සිටින අතර සත්‍ය තත්වය පහදමින් දකුණු අප්‍රිකානු මාධ්‍ය ඔස්සේ එම පවුලේ ප්‍රකාශයද ප්‍රසිද්ධ කර තිබේ.

දකුණු අප්‍රිකානු ප්‍රධාන මාධ්‍ය පවා මෙම ව්‍ යා ජ පුවත පෙර වාර්තා කළ අතර රැකියා විරහිත පුද්ගලයෙකුගේ විහිළුසහගත උවමනාවකට වැරදි පුවතක් ලොවට යවා රට අපකී ර්ති යට පත්කළ බවට විවේ චන ද එල්ලවෙමින් පවතී.

නමුත් ඇගේ ළදරුවන් 10 දෙනාගේ ප්‍රකාශය පුවත්පත්වල පළවුණත් ගිනස් ලෝක වාර්තා සංවිධානය මගින් තහවුරු කර තිබුනේ නොමැත වර්තමානයේ වැඩිම දරු උපත සිදු කර ගිනස් වාර්තාව උසුලන්නේ මාලි රාජ්‍යයහි හලීමා සිසේ ය. දරුවන් 9 ක් එකවර බිහිකරමිනි. දකුණු අප්‍රිකානු ජාතික පුවත්පතක් මෙම සා ව ද්‍ය පුවත ප්‍රධාන පුවතක් ලෙස පළ කර තිබූ අයුරු පහතින්,

01.

02.

03.

04.

05.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *