Search

වැලිගම පාසලක විදුහල්පතිගේ අනග රැගුම් නිසා ගුටි බැට හුවමාරුවක්.

1039

වැලිගම කොට්ඨාස අධ්‍යාපන කාර්යාල බල ප්‍රදේශයට අයත් බව කියන ග්‍රාමීය ප්‍රදේශයක පිහිටි ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් ඉහළ ලකුණු ලබාගන්නා ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයක විදුහල්පතිවරයෙකු එම විද්‍යාලයේ පහවසර භාර ගුරුවරියක් සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන තිබෙනවා.

එහි ප්‍රතිඵලයක් ලෙස විදුහල්පතිවරයාගේ මෝටර් රථයයෙන්ම යන්න එන්න එම ගුරුවරියට අවස්ථා ලැබිලා. අනතුරුව දිගින් දිගටම මෙය සමාජයේ කතිකාවක් බවට ගොඩ නැගි තිබෙනවා, එහි ප්‍රතිඵලයක් ලෙස අදාළ විදුහල්පතිවරයාගේ විවාහක බිරිඳ ඒ ගැන දැනගැනීම නිසා එම බිරිඳ විදුහල්පති සේවය කරන විද්‍යාලයට පැමිණ ප්‍රේම ජවනිකාවට සම්බන්ධ ගුරුවරියට හොඳට ගුටි පූජාවක් ලබාදි ඇති බවත් සඳහන් වනවා.

ඊට ලැජ්ජාවට පත් ගුරුවරිය පාසල ආරම්භය සමග පාසලට නොපැමින වෙනත් පාසලකට මාරුවක් හදාගෙන ගොස් තිබෙනවා. එ සමග මෙවර 5 වසර ශිෂත්වය ඉදිරිපත්වන දරුවන්ට ගුරුවරියක් අහිමිවි ගොස් තිබෙන බවත් සඳහන්. ඉන් පසුව මෙම පාසලේ විදුහල්පති පාසලේ දරුවෙකුගේ මවක් සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගෙන තිබෙනවා. ඒ නිසා එම දරුවාටද පාසල හැරයාමට සිදුව ඇති බවයි සඳහන් වන්නේ. විදුහල්පතිතුමාගේ ආදර කතා නිසා අදාළ ගුරුවරිය පාසලෙන් ගියානමි මෙම විදුහල්පතිත් පාසලෙන් ඉවත් විය යුතු බවයි පහවසර ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් වන දරුවන්ගේ දෙමාපියන් පවසන්නේ. දරුවන්ගේ අනාගත බලාපොරොත්තු බිද වැටීමට වැලැක්වීමට නමි ඉක්මනින් ගුරුවරුන් ලබාදෙන දිය යුතු බවත් ඔවුන් පවසා සිටිනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *