BREAKING NEWS
Search

හිරුණිකාගේ ඉල්ලීම අලී සබ්‍රි ඉටු කරයි

300

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් මීට සුලු කලකට ඉහතදී කළ ඉල්ලීමක් ඉටු කිරීමට අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා පියවර ගෙන ඇත.

පසුගිය දිනෙක සිය නඩුවට පෙනී සිටීමට අධිකරණයට ගිය හිරුණිකා හට දරුවාට කිරි දීමට සිදුව තිබූ බැවින් නඩු විභාගය මගහැරී තිබිණ.

පසුව දැනගන්නට ලැබුණේ ඇය ඒ මොහොතේ අධිකරණ භූමියේ සිට සිය දරුවාට කිරිදෙමින් සිටි බවකි.

ඒ අනුව පසුව ඇය කියා සිටියේ අධිකරණය තුළ මව්වරුන්ට සිය දරුව්නට කිරි දීම සදහා ස්ථානයක් හෝ නොමැති බවකි.

ඒ අනුව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා විසින් හිරුණිකාගේ එම ඉල්ලීම වහාම ඉටු කරමින් මව්වරුන්ට සිය දරුවන් සදහා කිරි දීමට හැකි ස්ථාන 2ක් අධිකරණ භූමියේ ඉදිකිරීමට පියවර ගෙන ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *