මුරලිදරන් ඉන්දියාවේදී රෝහල් ගත කරයි

276

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් රෝහල් ගතකර ඇති බව වාර්තා වනවා.

ඉන්දියාවේ චෙන්නායි හි පෞද්ගලික රෝහලකට ඔහු ඇතුළත් කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ දිනවල පැවැත්වෙන ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ, සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස මුරලිදරන් කටයුතු කරනවා.

ඔහුගේ හෘදයේ රුධිර නාලිකාවක තිබූ අවහිරයකට ප්‍රතිකාර ගැනීමට මුරලි මෙලෙස රෝහල්ගතව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *