Search

චමුදිතට එ’රෙහිව චන්දිමාල් – පියුමි උසාවි යයි

193

නිරෝධායන නීති උල්ලං ගනය කරමින්, ෂැංග්‍රිලා හෝටලයේ උපන්දින සාදයට සහභාගී වුණු ප්‍රකට රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ, නිරූපිකා පියුමි හංසමාලි ඇතුළු රජයේ නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනයට ලක් වෙමින් සිටින සෙසු 14 දෙනා, මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමට එ’රෙහිව නීතිමගින් ක්‍රියා කිරීමට පියවර ගෙන ඇතැයි චන්දිමාල් ජයසිංහගේ නීතීඥවරුන් ‘ඩේලි මිරර්’ සමඟ පවසා ඇත.

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම උසාවියට අප’හාස කළ බවත්, පසුගියදා ‘යූ ටියුබ්’ වැඩසටහනකට මුහුණු ආවරණයක් නොපැලඳ සහභාගී වී නිරෝධායන නීති කඩ කළ බවත් එම නීතීඥවරු පෙන්වා දෙති.

චමුදිත සමරවික්‍රම,අධිකරණය විවේචනය කළ බවත් අධිකරණයට අපහාස කළ බවත්, ඔහු මුහුණු ආවරණයක් නොමැතිව යූ ටියුබ් වැඩසටහනකට සහභාගී වීම, නිරෝධායන නීති උල්ලංඝනය කිරීමක් බවත්, චමුදිත සමරවික්‍රමට ද නීතිය සමාන විය යුතු බවත් චන්දිමාල් ජයසිංහ සහ නිරූපිකා පියුමි හංසමාලි දෙදෙනාගේ නීතීඥවරුන් පෙන්වා දී තිබේ.

නීතීඥවරු කොටුව පොලිසියට සහ රහස් පොලිසියට මේ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබේ.ඊට අමතරව, ඒ බව ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාවෙත ලිඛිතව දන්වා යැවූ බව ද පැවැසෙයි.

ජමිලා හුසේන් ඩේලි මිරර්
Source – Lankadeepa.lk




Leave a Reply

Your email address will not be published. Required fields are marked *