BREAKING NEWS
Search

ඒ සැලසුම කාලයකට පෙර සිටම ක්‍රියාත්මක කරපු එකක්.. නීතිඥ බුද්ධික සහ ඇයගේ බිරිඳ ඝාතන සැලසුමේ දෙවැනි සැකකරු, රටින් පනින්න වෙනත් නම­කින් පාස්පෝට් හදලා..

1208
මේ සිද්ධිය ගැන විවිධ අංශ ගණනාවක් යටතේ පර්‍යේෂණ ක්‍රියාත්මක වෙන පසුබිමක මේ ඇසෙන්නේ මොන වගේ කතාවක්ද..?
ඔවුන්ගේ ජීවිත‍ය එක් ක්ෂණයකින් නැතිවී යන්නේ දෙනෝදාහක් මිනිසුන් ගැවසෙන ස්ථානයකදියි.

නීතිඥ බුද්ධික මල්ල­වා­රච්චි සහ ඔහුගේ බිරිය අකු­රේ­ගො­ඩදී වෙඩි තබා ඝාත­නය කිරී­මට සම්බන්ධ දෙවැනි වෙඩි­ක්කරු රටින් පලා යෑමට කල්ති­යාම වෙනත් පුද්ග­ල­ය­කුගේ නමින් විදෙස් ගමන් බල­ප­ත්‍ර­යක් සකස් කර තිබී ඇතැයි විම­ර්ශ­න­ව­ලින් අනා­ව­ර­ණ­යවී තිබෙනවා. එසේ සකස් කළ විදෙස් ගමන් බල­ප­ත්‍රයේ තොර­තුරු
විම­ර්ශන කණ්ඩා­යම් වෙත ලැබී ඇති අතර, වෙඩි­ක්කරු සම්බ­න්ධ­යෙන් තොර­තුරු ඉල්ලා පොලී­සිය මහ­ජන සහාය පතා නිකුත් කළ AI ඡායා­රූප මාධ්‍ය­යට නිකුත් කරන්නේ එම ව්‍යාජ විදෙස් ගමන් බල­ප­ත්‍රය සකස් කිරී­මට යොදා ගත් ඡායා­රූ­ප­යෙන් බව ද පොලිස් තොර­තුරු අනා­ව­ර­ණය කර තිබුණා.

පාතා­ලයේ කුලී ඝාත­ක­යෙක් වන එම වෙඩි­ක්ක­රුගේ සැබෑ අන­න්‍ය­තාව නිශ්චිත ලෙස මෙතෙක් තහ­වු­රුවී නැති බවත්, ඔහු මේ වන විට රටේ සිටී ද නැති­නම් රටින් පලා­ගොස් තිබේ ද යන්න සැක සහිත බවත් උසස් පොලිස් නිල­ධා­රි­යෙක් පැවසුවා.

මේ වෙඩි­ක්කරු තවත් ඝාතන රැස­කට සම්බන්ධ අයෙක් බව පෙනී යන බවත්, ඔහු කොටු­කර ගැනී­මෙන් අබි­ර­හස් රැසක් හෙළි කර­ගැ­නී­මට හැකි වනු ඇති බවත් පොලිස් බල­ධා­රීහු විශ්වාස කරනවා. නීති­ඥ­ව­ර­යාගේ බිරිය දෙසට රිවෝ­ල්ව­ර­ය­කින් වෙඩි තබන්නේ මේ වෙඩි­ක්කරු විසින් බව ද පොලී­සිය සඳ­හන් කරනවා.

මේ ද්විත්ව ඝාත­නයේ ප්‍රධාන වෙඩි­ක්කරු බව සඳ­හන් නීති­ඥ­යාට ටී 56 අවි­යෙන් වෙඩි තැබූ සැක­කරු දින 90ක් රඳ­වා­ගෙන විම­ර්ශන පව­ත්වන බව ද පොලී­සිය පවසනවා.

ඊට අවශ්‍ය නියෝග පෙරේදා (22) ලබා­ගෙන ඇති අතර, කර­න්දෙ­ණිය සුද්දා විසින් මේ ඝාත­නය සැල­සුම් කර ඇති බවත්, ටුටූ නමැත්තා විසින් ඝාත­නය මෙහෙ­යවා ඇති බවත් පැහැ­දි­ලි­වම අනා­ව­ර­ණ­ය වී ඇතැයි විම­ර්ශන කණ්ඩා­යම් සඳ­හන් කරනවා.

අත්අ­ඩං­ගුවේ සිටින වෙඩි­ක්ක­රුව මේ ද්විත්ව ඝාත­න­යට යොදා­ගෙන ඇත්තේ කර­න්දෙ­ණිය සුද්දා විසින් බව ද පොලී­සිය පවසනවා. කර­න්දෙ­ණිය සුද්දා තමාට උද­වු­උ­ප­කාර කර ඇති බැවින් සහ ඔහුට ණය වී ඇති රුපි­යල් ලක්ෂ 02ක මුදල වෙනු­වෙන් මේ අප­රා­ධ­යට තමා සම්බන්ධ වූ බවත් සැක­කාර වෙඩි­ක්කරු ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇති බවටයි වාර්තා වෙන්නේ.

තමා­ගෙන් වැඩක් ගැනී­මට ඇති බව දින කිහි­ප­යක් තිස්සේ කර­න්දෙ­ණිය සුද්දා දුර­ක­ත­න­යෙන් පැවසූ බවත්, ඕනෑම වැඩ­කට කැමති බව ඔහුට පැවසූ බවත් අත්අ­ඩංගු‍වේ සිටින වෙඩි­ක්කරු ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබුණා.

ඒ අනුව පසු­ගිය 10 වැනිදා කර­න්දෙ­ණිය සුද්දාගේ උප‍දෙස් මත කොළ­ඹට පැමිණි බවත්, පන්නි­පි­ටිය ප්‍රදේ­ශයේ පිහිටි හෝට­ල­යක නවා­තැන් සකස් කර තිබූ බවත් ඔහු පවසා තිබෙනවා.

නීති­ඥ­ව­ර­යකු ඝාත­නය කිරී­මට ඇති බව තමා දැන­ගත්තේ 13 වැනිදා උදෑ­සන බවත්, එම ඝාත­න­යට හේතුව කුම­ක්දැයි කර­න්දෙ­ණිය සුද්දා තමාට නොපැ­වසූ බවත් ඔහු ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබුණා.

රැඳ­වුම් නියෝග මත සිටින කාලයේ මෙ‍ෙතක් අනා­ව­ර­ණය නොවූ තොර­තුරු හෙළි­වනු ඇතැයි පොලී­සිය විශ්වාස කරනවා.

මේ අතර නීති­ඥ­ව­රයා සහ බිරිය ඝාත­න­යට ආධාර අනු­බල දුන් බව පැව­සෙන තවත් පුද්ග­ල­යකු පෙරේදා (22) රාත්‍රියේ බස්නා­හිර පළාත දකුණු දිසාව අප­රාධ කොට්ඨා­ස­යෙන් අත්අ­ඩං­ගු­වට ගෙන තිබෙනවා.

එම සැක­කරු සමඟ මේ වන විට එම අප­රා­ධය සම්බ­න්ධ­යෙන් අත්අ­ඩං­ගු­වට ගත් මුළු සැක­ක­රු­වන් සංඛ්‍යාව දස දෙනෙක්. මේ අප­රා­ධ­යට සම්බන්ධ මෝටර් රථ දෙකක් ද පොලිස් භාර­යට ගෙන තිබුණා.

දිණමිණ පුවත්පත ඇසුරෙන්..

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *