BREAKING NEWS
Search

ප්‍රකට සහල් ව්‍යාපාරිකයකුගේ වී මෝල් සංකීර්ණයක හදිසි ගින්නක්

483

ප්‍රකට සහල් ව්‍යාපාරිකයකු වන මිත්‍රපාල ලංකේෂ්වර මහතාගේ වැලිකන්ද සිංහපුර පිහිටි වී මෝල් සංකීර්ණයේ අද දින (24) සවස 2.30 ට පමණ සුළු ගින්නක් හටගෙන ඇති බව වැලිකන්ද පොලිසිය ප්‍රකාශ කළා.

ඒ අනුව පැතිර යන එම ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන ඒකකය දැනුවත් කර ඇති අතර ගින්න නිවීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවද පොලිසිය සඳහන් කළා.

එහි සේවකයකු සඳහන් කර ඇත්තේ දහයියා අළු තැන්පත් වු ප්‍රදේශයේ මෙම සුළු ගින්න හටගෙන ඇති බවත්, ගින්න මැඩ පැවැත්වීම සියලු පියවර ගෙන ඇති බවත් ය.

මේ අතර මේ පිළිබඳව මිත්‍රපාල ලංකේෂර මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ කුඩා කාමරයක වයර් ෂෝට් එකක් වී ඇති බවත්, එය ගැටලුවක් නොමැති බවත් ය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *