කොහොම වුණත්, මෙම මංගල්‍යය පැවැත්වෙන්නේ ඉතාමත් පෞද්ගලික සහ දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ බවයි සමාජමාධ්‍ය තුළ සංසරණය වන කරුණුවලින් නම් මේ වෙනකොට පැහැදිලි වෙන්නේ.
මෙම මංගල උත්සවය සඳහා පනවා ඇති විශේෂ කොන්දේසි කිහිපයක් පනවා ඇති බවයි දැනගන්න ලැබෙන්නේ..
ඒ අනුව විවාහ උත්සවයට පැමිණෙන අමුත්තන්ට තම ජංගම දුරකථන ශාලාව තුළට රැගෙන යාම තහනම් කර තිබෙනවා. මංගල්‍යයේ ඡායාරූප හෝ වීඩියෝ සමාජ මාධ්‍ය වෙත කාන්දු වීම වැළැක්වීම මෙහි ප්‍රධාන අරමුණයි. අමුත්තන්ට තම දුරකථන ඇතුළුවීමේ දොරටුව අසල තැන්පත් කිරීමට සිදුවනු ඇතියි.
එසේම උත්සවය වාර්තා කිරීමට අවසර ලැබී ඇත්තේ තෝරාගත් නිල ඡායාරූප ශිල්පීන් කණ්ඩායමකට පමණි. ඔවුන්ට ද ඡායාරූප ලබා ගැනීමෙන් පසු ඒවා ප්‍රසිද්ධ කිරීමට පෙර යුවළගේ අනුමැතිය ලබා ගත යුතු බවට දැඩි ගිවිසුම් අත්සන් කරවා ඇති බව පැවසෙන්නේ.
මේ අතරම විජේ සහ රශ්මිකා දෙදෙනාම තම අමුත්තන්ගෙන් ඉල්ලා ඇත්තේ කිසිදු මිල අධික තෑග්ගක් රැගෙන නොඑන ලෙසයි. ඒ වෙනුවට ඔවුන්ගේ ආශිර්වාදය පමණක් අපේක්ෂා කරන බවත්, යම් අයෙකුට උපකාර කිරීමට අවශ්‍ය නම් එය පුණ්‍ය කටයුත්තක් සඳහා පරිත්‍යාග කරන ලෙසත් ඔවුන් දන්වා තිබෙනවා.
විවාහයෙන් පසු මෙම යුවළ සම්පූර්ණ මාසයක කාලයක් නිවාඩුවක් ගත කිරීමට සැලසුම් කර ඇති අතර, විදේශගතව ගත කරන මෙම මධුසමය කාලය තුළ ඔවුන් කිසිදු චිත්‍රපට රූගත කිරීමකට හෝ ප්‍රවර්ධන කටයුත්තකට සම්බන්ධ නොවන බව වාර්තා වෙනවා.





















