BREAKING NEWS
Search

වාද්දූවේ බස් අනතුරින් තුවාල ලැබූ එක් රියදුරෙකු ජීවිතක්ෂයට

403

වාද්දූව, මොරන්තුඩුව මාර්ගයේ මැලෑගම ප්‍රදේශයේ දී සිදු වූ අනතුරින් තුවාල ලබා සිටි එක් බස් රථ රියදුරෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අද (24) උදෑසන මෙම අනතුර සිදු වූ අතර ඉන් බස් රියදුරන් දෙදෙනාම තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කෙරිණි.

එක් බස් රථයක් වෙනත් වාහනයකට ඉස්සර කිරීමට යාමේදී මෙම අනතුර සිදුවන්නට ඇති බවට පොලීසිය සැකපල කරයි.

කෙසේවෙතත් මෙම අනතුර හේතුවෙන් පානදුර – මොරොන්තුඩුව මාර්ගය, මැලෑගම ප්‍රදේශයෙන් අවහිර වී තිබූ අතර ගමනාගමනයට ද බාධා එල්ල විය.

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ වාද්දූව පොලීසිය මඟින් මෙහෙයවයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *