BREAKING NEWS
Search

මවගේ රැකවරණය අහිමි දියණියන් දෙදෙනාට පියා කළ ඒ අපරාධය.. ඇඟ සලිතවන සිද්ධිය ගැන අලුත්ගමින් ඇසෙන ඒ කතාව මෙන්න..

585
තාත්තා කෙනෙක්ගේ ආදරය දියණියකට තදින්ම දැනෙනවා..

ඒත් ඇයට ඒ සෙනෙහස, ආදරය අහිමිව ඇත්තේ තාත්තාගේ ආදරය ලැබිය යුතුම මොහොතකයි.

මේ කියන්න යන්නේ සාමාන්‍යපෙළ දියණියකට සිදුවූ සිද්ධියක් සම්බන්ධයෙන් ඇසෙන ඇඟ සලිතවන කතාවක්.

පියාගේ පහරදීමකට ලක්ව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි සාමාන්‍ය පෙළ සිසුවියක, අලුත්ගම පොලිස් ස්ථානාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් පොලිස් ජීප් රථයකින් විභාග මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් විභාගයට පෙනී සිටීමට සැලැස්වීමේ පුවතක් අලුත්ගම ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

දර්ගා නගරයේ පදිංචි මෙම සිසුවිය මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අතර, පසුගිය සෙනසුරාදා විභාගය නිමවී පැමිණ ඇය 10 වසරේ ඉගෙනුම ලබන සිය නැගණිය ද සමඟ අසල මිතුරියකගේ නිවසට ගොස් ඇති බවට වාර්තා වෙනවා.

ඔවුන් ආපසු නිවසට පැමිණීම ප්‍රමාද වීම නිසා උරණ වූ පියා සිසුවියන් දෙදෙනාටම පහර දී තිබූ බව පොලිසිය පවසනවා.

මවගේ රැකවරණය අහිමි මෙම දැරියන් දෙදෙනා පියා සමඟ ජීවත් වෙමින් සිටියදී මෙම අවාසනාවන්ත තත්ත්වයට මුහුණ දී තිබූ බව පොලිසිය සඳහන් කරනවා.

පියාගේ ප්‍රහාරය ඉවසාගත නොහැකි වූ අක්කා සහ නංගී ඊයේ (22) උදෑසන අලුත්ගම පොලිසියට පැමිණ පැමිණිලි කර ඇති අතර, පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මැදිහත් වී ඔවුන් දෙදෙනා අලුත්ගම රෝහලටත්, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුතර නාගොඩ ශික්ෂණ රෝහලටත් ඇතුළත් කර තිබුණා.

මේ පිළිබඳව දැනුවත් වූ අලුත්ගම පොලිස් ස්ථානාධිපතිවරයා, රෝහලට ගොස් සිසුවියන්ගේ සුවදුක් විමසා ඇති අතර එහිදී වැඩිමහල් සිසුවිය තමන් විභාගයට පෙනී සිටින බව පවසා තිබේ.

ඒ අනුව අද (23) උදෑසන ස්ථානාධිපතිවරයා විසින් සිය නිල ජීප් රථය කාන්තා පොලිස් නිලධාරිනියන් දෙදෙනෙකුට ලබා දී, සිසුවියට අවශ්‍ය ආහාර පාන මෙන්ම පෑන්, පැන්සල් සහ කවකටු පෙට්ටි ඇතුළු උපකරණ ද සපයා දී තිබෙනවා.

පසුව රෝහල් බලධාරීන්ගේ ද අවසරය ඇතිව, පොලිස් ආරක්ෂාව යටතේ රෝහලේ සිට ජීප් රථයෙන් දර්ගා නගරය ශ්‍රී ඤාණිස්සර මහා විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානය වෙත ඇයව රැගෙන ගොස් පස්වරු 4.10ට විභාගය අවසන් වූ පසු නැවතත් ඇයව ආරක්ෂිතව රෝහල වෙත යොමු කිරීමට පොලිසිය කටයුතු කළ බවයි වාර්තා වන්නේ.

අලුත්ගම පොලිසියේ ස්ථානාධිපති සම්පත් සංජීවගේ උපදෙස් මත කාන්තා පොලිස් කොස්තාපල්වරියන් වන කල්පනා (11508), වාත්තුහේවා (10282) සහ පොලිස් කොස්තාපල් රියදුරු (99008) යන නිලධාරීන් මෙම දරුවා විභාගය සඳහා රැගෙන ගොස් තිබුණා.

සිසුවියන්ට පහර දී ප්‍රදේශයෙන් පළා ගොස් සැඟව සිටින සැකකාර පියා අත්අඩංගුවට ගැනීම සඳහා අලුත්ගම පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව සඳහන්.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *