BREAKING NEWS
Search

ජනාකීර්ණ ප්‍රදේශයක පෞද්ගලික බස් රථ දෙකක් එකිනෙකට ගැටී බිහිසුණු අනතුරක්..

411
මේ කියන්න යන්නේ තවත් එක් බිහිසුණු අනතුරක් ගැන ඇසෙන එක කතාවක්. මේ සිද්ධිය වාර්තා වුණේ අද උදෑසනයි. 
වාද්දුව මොරොන්තුඩුව මාර්ගයේ පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී රියදුරන් දෙදෙනාම තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාද්දුව පොලිසියය පවසනවා.

කළුතර – බණ්ඩාරගම සහ වේරගම – කොළඹ බස් රථ දෙක ගමන් වාර ආරම්භ කිරීම සඳහා යමින් සිටියදී වාද්දුව මැලෑගම ප්‍රදේශයේදී අනතුර සිදුව තිබෙනවා.

තුවාල ලැබූ දෙදෙනා පානදුර මූලික රෝහලට රැගෙන ගිය බව පොලිසිය සඳහන් කරනවා.

තුවාල ලැබූවේ බණ්ඩාරගම කළුතර බස් රථයේ රියදුරු හා වේරගම කොළඹ බස් රථයේ රියදුරු බව පොලිසිය පවසනවා.

අනතුරත් සමගින් පානදුර මොරොන්තුඩුව මාර්ගය මැලෑගම ප්‍රදේශයෙන් අවහිරවීී ගමනාගමනයට තරමක බාධා එල්ල වී තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් වාද්දුව පොලිසිය පරීක්ෂණ පවත්වනවා.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *