BREAKING NEWS
Search

විභාගය ලියන අතරතුර අහසින් ආපු බිහිසුණු ආක්‍රමණය..! ශාලාධිපති ඇතුළු පිරිසක් අනතුරේ හෙළමින් විභාග ශාලාවක් තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය..

0
මරදංකඩවල පෙරියකුලම විදුහලේ විභාග මධ්‍යස්ථානය තුළ සාමකාමීව විභාගය පැවැත්වෙමින් තිබියදී, කිසිවෙකුත් නොසිතූ මොහොතක අහසින් කඩා වැදුණු ඒ ‘විෂකුරු හමුදාව’ නිසා මුළු විභාග ශාලාවම තත්පර කිහිපයකින් යුධ පිටියක් බවට පත් වුණා.
විභාගය පැවැත්වෙන අතරතුර පාසල් භූමියේ තිබූ බඹර කූඩයක් හදිසියේම ඇවිස්සී තිබුණේ කාගේත් පණ ගැහෙද්දීය.

ඇසිපිය හෙළන සැණින් විභාග ශාලාව තුළට කඩා වැදුණු බඹරුන්, එහි සිටි නිලධාරීන්ට සහ දරුවන්ට ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන්නට වුණා.

මෙම බිහිසුණු ප්‍රහාරයෙන් බේරෙන්නට ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන්ට පවා නොහැකි වුණා.

එහි රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකුට සහ නිලධාරිනියකට මෙන්ම, විභාග ශාලාධිපතිවරයාටද බඹරුන් දෂ්ට කිරීම නිසා ඔවුන් දැඩි අසීරුතාවයට පත් වුණා.

ඔවුන් තිදෙනාව වහාම ප්‍රතිකාර සඳහා යොමු කිරීමට පියවර ගත් බවයි මරදන්කඩවල පොලිසිය පවසන්නේ.

විභාගය පැවැත්වෙන අතරතුර සිදුවූ මෙම බාධාව නිසා දරුවන් දැඩි භීතියට පත් වුවත්, පසුව තත්ත්වය පාලනය කර විභාගය යථා පරිදි පවත්වාගෙන යන්නට නිලධාරීන් සමත් වුණා.

වහාම ක්‍රියාත්මක වූ වනජීවී නිලධාරීන් එම ස්ථානයට කැඳවා, දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එම බඹර කූඩය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

දරුවන්ගේ අනාගතය තීරණය වන කඩඉම් විභාගයක් මැද සිදුවූ මෙම අනපේක්ෂිත සිදුවීම මරදංකඩවල ප්‍රදේශයේ විශාල කතාබහක් ඇති කර තිබෙනවා.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *