BREAKING NEWS
Search

රුසියානු සංචාරකයාගේ ලක්ෂ ගාණක සල්ලිවලට විද්ද විලා හිමිකාරිණියගේ දියණිය අත්අඩංගුවට

3

උණවටුන, පිල්ලගොඩ ප්‍රදේශයේ පිහිටි සංචාරක නවාතැන්පොළක ලැගුම්ගෙන සිටි රුසියානු ජාතික සංචාරකයෙකුට අයත් රුපියල් 6,20,000ක මුදලක් සොරකම් කිරීමේ සිද්ධියකට අදාළව එම නවාතැන්පොළෙහි හිමිකාරියගේ දියණිය උණවටුන සංචාරක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සොරකම සම්බන්ධයෙන් උණවටුන සංචාරක පොලීසිය වෙත පැමිණිල්ලක් ලැබී පැය කිහිපයක් ඇතුළත කඩිනමින් ක්‍රියාත්මක වූ නිලධාරීන් විසින් සැකකාරියව මෙලෙස අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ.

සංචාරකයින් විසින් සිය කාමරයේ සඟවා තිබූ කැමරාවක සටහන් වූ දර්ශන ඔස්සේ සිදුකළ පුළුල් විමර්ශනයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

අදාළ සැකකාරිය අවස්ථා කිහිපයකදීම රහසිගතව මෙම සංචාරකයින් රැඳී සිටි කාමරයට ඇතුළු වන ආකාරය එම කැමරා දර්ශන මඟින් පැහැදිලිව නිරීක්ෂණය වී තිබේ.

මීට පෙරද කිහිප වතාවකදීම මෙම නවාතැන්පොළේ සොරකම් සිදුවී ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකාරිය වැඩිදුර නීතිමය කටයුතු සඳහා හෙට (24) දිනයේදී ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් උණවටුන සංචාරක පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 19 හැවිරිදි තරුණියකි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *