හැමෝම ආදරය කරන යොහානි ද සිල්වා (Yohani) ගැන මේ වෙන කොට සමාජ මාධ්‍ය ජාලාවල දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.
ඒ ඇය විසින් සිය නිල මුහුණු පොතට එක්කර ඇති අමුතුම ආකාරයේ සටහනක් නිසා.
තමාට හදිසියේම කුඩා ශල්‍යකර්මයකට (Small Surgery) මුහුණ දීමට සිදුවූ බවත්, ඒ හේතුවෙන් ඇගේ මුවෙහි මැහුම් (Stitches) යොදා ඇති බවත් යොහානි පවසා සිටිනවා.
ඇය සිය රසිකයින්ගෙන් විශේෂ ඉල්ලීමක් කරමින් පවසන්නේ, “මගේ කටේ මැහුම් දැකලා කවුරුත් බය වෙන්න (Freak out) එපා” යනුවෙනුයි.
“පුංචි සැත්කමක් කළා. මගේ කටේ මැහුම් තියෙනවා දැක්කොත් කලබල වෙන්න එපා. මගේ සුවදුක් විමසලා පණිවිඩ එවපු හැමෝටම ගොඩක් ස්තූතියි. මම දැන් ගොඩක් සුවෙන් ඉන්නවා!”
මෙම පුවත සැලවීමත් සමඟ ලොව පුරා විසිරී සිටින ඇගේ රසිකයින් දහස් ගණනක් ඇයට ඉක්මන් සුවය පතා සටහන් තබා තිබුණා.
බොහෝ දෙනෙක් විමසා සිටියේ ඇයට කුමක් සිදුවූයේද යන්නයි.
නමුත් ඇය පවසන්නේ එය ඉතා කුඩා සැත්කමක් බවත්, දැනට ඇය ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවයි.
යොහානි, ඔබට අපෙන් ඉක්මන් සුවය!


























