ලිංගිකත්වය කියන්නේ හැමෝටම පොදු දෙයක්නේ.මම දන්නවා ඔයාට ඒ ගැන ගොඩක් ප්‍රශ්න ඇති.ඒත් ඔයා කවදාවත් කාගෙන්වත් මේ ගැන ඇහුවෙත් නැතුව ඇති.මොකද ඉතින් යාළුවෙක්ගෙන් ඇහුවත් එයලා joke එකට ගන්නවනේ.ඉතින් ඔයාගේ හොඳම යාළුවා විදිහට මම ඔයාට මේ ගැන කියලා දෙන්නම්.හැබැයි මේ දවල් සමහරවිට ඔයාට දැන්මම important වෙන එකක් නැහැ.ඉස්සරහට නම් ගොඩක් වැදගත් වෙයි.maybe ඔයාට මේ වෙලාවේ වැදගත් වෙන්නත් පුළුවන්.මොකද මම අද කියන්නේ pregnant කාලේදී ගොඩක් අයට ඇති වෙන ප්‍රශ්නයක් ගැන.ඒ මොකක්ද දන්නවද pregnant කාලේදී ලිංගිකව එකතුවෙන එක හොඳයිද ?එහෙම වුනොත් බබාට ආනතුරක් වෙයිද කියන දේ ගැන.ඉතින් අපි බලමු ඇත්තටම මොකක්ද ඇත්ත නැත්ත කියලා.
ඔයා මේ ගැන දන්නවාද ?
ඔයාගේ ගර්භාෂය ඇතුලේ බබා ඉන්නේ තරල පිරුණු ඉඩක.ඒ කියන්නේ water bag එකක.ඒ නිසා පිටතින් ඇති වන කම්පන හරි ,එහෙමත් නැත්නම් ගැස්සීමක් හරි වුණොත් බබාට ඒක ලොකුවට දැනෙන්නේ නැහැ.ඒ වගේම තවත් කාරණාවක් තමයි ගැබ්ගෙල සම්පුර්ණයෙන්ම වැහිලා තියෙනකොට water bag එකයි ගැබ් ගෙලයි අතර තියෙන්නේ 2 1/2 cm තරම් පොඩි දුරක් නිසා තමයි doctorsලා ලිංගික එක වීම් වලදී ආරක්ෂා වෙන්න කියන්නේ.ඒ හැර වෙනත් කිසිම හේතුවක් නැහැ. ඔයාට Doctor කෙනෙක් advice කරලා නැත්නම් pregnant කාලයේ ලිංගිකව එක වීම හරි orgasm වෙන එකෙන් හරි බබාට කිසිම හානියක් වෙන්නේ නැහැ.
මෙන්න මේ දේවල් ඔයාට doctor කියල තියනවා නම් කීයටවත් ඔයා ලිංගිකව එකතුවෙන්න එපා.
01) වැදෑමහ පහතින් පිහිටීම
Pregnant කාලයේ රුධිර වහනයට අවදානමක් තියනවා .Placenta previa (වැදෑමහ පහතින් පිහිටීම) තත්වය ඇති වුනහම ලිංගික එක් වීම නම් හොද දෙයක් නෙමෙයි.මේ තත්වය scan පරීක්ෂණයක් කරලා ඔයාට හඳුනා ගන්න පුළුවන්.ගොඩක් වෙලාවට මාස 7ක් විතර යනකොට ගර්භාෂය විශාල වීමත් එක්ක වැදෑමහ ඉහලට ගමන් කරන නිසා මේ ප්‍රශ්නේ දිගටම තියෙන්නේ නැහැ.හැබැයි ඒක අයෙමත් scan කරලා හරියටම දැන ගන්නකන් ලිංගිකව එක්වීම සම්පුර්ණයෙන්ම නවත්තන්න වෙනවා.
02) කළලාවාරික පටලය (water bag) බිඳී යාම
මේ තත්වය නම් ගොඩක්ම ඔයා ආරක්ෂාකාරී විය යුතු දෙයක්.කළලාවාරික පටලය එහෙමත් නැත්නම් water bag එක බිඳී යාමක් වුණොත් ගැබ් ගෙලෙන් දරු ගැබට විෂබීජ ඇතුළු වීමේ අවදානමක් තියනවා .ඒ නිසා ලිංගික එක්වීම සුදුසු වෙන්නේ නම් නැහැ.
03) ගබ්සා වීම හෝ කලින් දරුවා බිහි කිරීම වැනි අවධානම් තත්වයක් ඇති විට
එහිදී රුධිර වහනය, ගැබ් ගෙල විවෘත වීම, සැරින් සැරේ ඇති වෙන වේදනාව වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් doctor කෙනෙක්ගේ උපදෙස් ලබා ගැනීම ඔයාට ඉක්මනින්ම කරන්න වෙනවා.මේ වගේ වෙලාවට ලිංගික එක්වීම සිදුකරන්න කරන එක නම් නුවනට හුරු දෙයක් නම් නෙමෙයි.
හේතුවක් හඳුනා ගැනීමට බැරි යෝනි මාර්ගයේ ඇතිවන රුධිර ගැලීම.
වතුර බෑගය මඟින් (Amniotic fluid sac) ශ්‍රාවයන් නිකුත්විම.
ගැබ්ගෙල ශක්තිමත් නැති නම් හරි එහෙමත් නැත්නම් මිට කලින් abortion එකක් වෙලා තියෙනවා නම් හරි ඔයා ආරක්ෂා වෙන්න ඕනී 04) ලිංගිකව එක්වෙන්න වුවමණාවක් ඇති නොවිම, බයවීම , අපහසුතාවයන් ඇති වෙනවා නම් මොකක්ද කරන්න ඕනි?
ඒ වගේ අවස්ථාවක් ඇති වුනොත් ඔයාට පුළුවන් ලිංගික කටයුතු වලින් ඈත් වෙන්න.හැබැයි ඔයා මේ ගැන ඔයාගේ husband එක්ක හරි ,family එකේ අය එක්ක හරි කතා කරන්න.
05) මුඛ සංසර්ගය හා ගුද සංසර්ගය.
ලිංගිකව එක්වීමේදී සාමාන්‍ය විදියට යොදා ගන්නා ක්‍රම pregnant කාලයේදී ගැළපෙනවා.හැබැයි ඔයා ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනී ඔයාගේ ශාරීරික වගේම මානසික සතුට ගැන.Traditional ක්‍රම වලට වඩා ඔයාටයි එයාටයි සුව පහසු ක්රම තියනවද කියල try කරලා බලන එක හොදයි.Pregnant කාලයේදී මුඛ සංසර්ගය වැරැද්දක් නැති වුණත් යෝනි මාර්ගයට වාතය ඇතුලුවීම ඔයාටයි බබාටයි අහිතකර වෙන්න පුළුවන් නිසා ඒ ගැන ගොඩක් හිතන්න වෙනවා ලිංගික කටයුතු වලදී
සාමාන්‍යයෙන් ගර්භණි කාලේදී ගුද සංසර්ගය අනුමත කරන්න නම් බැහැ.සාමාන්‍යයෙන් ගර්භණි කාලේදී (Pregnancy related hemorrhoids/piles) අර්ශස් වගේ රෝග තත්වය වැඩි වෙනවා.ගුද මාර්ගයෙන් ක්ෂුද්‍ර ජීවින් මේ හරහා යෝනි මාර්ගයට ඇතුල්වෙන්න තියන ඉඩ වැඩි නිසා මුත්‍රා මාර්ගවල ආසාදන ඇතිවිමේ හැකියාවත් වැඩි වෙන්න පුළුවන්.
06) උපත් පාලන කොපු (condom) භාවිතය හොදයිද ?
ඔව්, උපත් පාලන කොපු වලින් ඔයාවයි බබාවයි ලිංගිකව බෝවන රෝග වලින් ආරක්ෂා කර ගන්නවා.මේ ලිංගිකව බෝවන රෝග අසාදන වලින් ඔයාටයි , බබාටයි ඇතිවන හානිය අඩු කරගන්න උපත් පාලන කොපු උදව් වෙනවා.මේ නිසා ගර්භාෂයට වෙන්න තියන හානි ගොඩක් අඩු වෙනවා.
ඉතින් මේ හැමදේම කරන්නේ එයාගෙයි ඔයාගෙයි ආදරය ආරක්ෂා කර ගන්නනේ.ඉතින් ඒ බැඳීම ශක්තිමත් කර ගන්න ,තවත් වැඩි කර ගන්න සිතට ගතට සහනයක් ගෙන දෙන ගොඩක් දේවල් තියෙනවා.ඒ හැම විදිහකින්ම ඔයාට පුළුවන් ඔයාගේ සතුට ලබා ගන්න.අනිත් එක හැමෝම කියන්නේ pregnant කාලේ ගොඩක් සතුටින් ඉන්න කියලනේ.එනිසා ඔයා පුළුවන් තරම් සතුටින් ඉන්න උත්සහ කරන්න.




















