BREAKING NEWS
Search

මොකක්ද මේ ආයෙත් වෙන්න යන්නේ? බෙංගාල බොක්කේ අඩු පීඩනයක් ලංකාවට එබිකම් කරයි..

0
හැමෝම හිතාගෙන හිටියේ කාලගුණය දැන් ටිකක් සාමකාමී වෙයි කියලා වුණත්, බෙංගාල බොක්කේ ඇති වුණු මේ හදිසි වෙනස නිසා දැන් මුළු රටේම අවධානය ඊසානදිග මුහුදු තීරයට යොමු වෙලා තියෙනවා.
පහුගිය දවස් කිහිපයේ වායුගෝලයේ තිබුණු පොඩි කැලඹිලි ස්වභාවය දැන් “අඩු පීඩන කලාපයක්” දක්වා වර්ධනය වෙලා.
දැනට මේක ලංකාවට ඊසාන දෙසින් තමයි පදිංචි වෙලා ඉන්නේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන්නේ මේකේ බලපෑම නිසා මුහුදේ යන අයට නම් එච්චර හොඳ කලක් නෙමෙයි උදා වෙන්නේ කියලා.

මේ පද්ධතිය නිසා මුහුද රළු වෙනවා විතරක් නෙමෙයි, පැයට කිලෝමීටර් 50ත් 60ත් අතර වේගයෙන් තද හුළඟක් එන්නත් පුළුවන්.

ඒ වගේම ගිගුරුම් සහිත මහා වැසි වැටෙන්න තියෙන ඉඩකඩත් ගොඩක් වැඩියි. ධීවර සහ නාවික ප්‍රජාවට දැන්ම ඉඳලම “රතු එළියක්” දල්වලා තියෙන්නේ ඒ නිසයි.

මේක ලංකාවේ ගොඩබිම කාලගුණයටත් බලපායිද? එහෙමත් නැත්නම් මේ අඩු පීඩන කලාපය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයිද? කියන බය දැන් හැමෝම අතරේ තියෙනවා.

කොහොම වුණත් කාලගුණ බලධාරීන් කියන්නේ මේ ගැන සීරුවෙන් ඉන්න කියලයි.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *