BREAKING NEWS
Search

අකුරේගොඩ ඝාතනයේ සැඟවුණු රහස එළියට! – වෙඩික්කරුට උදව් කළ ‘අභිරහස්’ කාන්තාවන් දෙදෙනා කවුද? ගාල්ලේදී කොටු වූ සිව්දෙනා ගැන හෙළි නොවූ තොරතුරු මෙන්න!

0
මුළු මහත් ප්‍රජාවම භීතියට පත් කරමින්, අකුරේගොඩ ප්‍රදේශයේදී නීතීඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඉලක්ක කරගත් ඒ ම්ලේච්ඡ වෙඩි තැබීමේ ප්‍රධාන වෙඩික්කරු (Shooter) අද අම්බලන්ගොඩදී පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) සූක්ෂ්ම මෙහෙයුමකින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නීතියේ රැකවලෙකු සහ ඔහුගේ බිරිඳ මෙලෙස ඝාතනය කර පලාගිය මෙම ‘මාරයා’ පසුපස දින කිහිපයක් තිස්සේ ඇලී සිටි බුද්ධි අංශ නිලධාරීන්, අවසානයේ ඔහුව කොටු කරගත්තේ තවත් දරුණු අපරාධ රැසක තොරතුරු ද හෙළි කරගනිමින්.

මේ අතර ඝාතනය සිදු කර පලා ගිය වෙඩික්කරුට නීතියේ දැලෙන් බේරී පලා යාමට සහ අවශ්‍ය සියලු පහසුකම් සැලසූ “රහසිගත සහායක කල්ලියක්” ද කොටු කර ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.

බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදු කළ විශේෂ මෙහෙයුමකදී මෙම සැකකරුවන් පිරිස කොටු කරගෙන ඇත්තේ ගාල්ල, කහදූව ප්‍රදේශයේදී.

අත්අඩංගුවට ගත් සිව්දෙනා අතර පිරිමින් දෙදෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු සිටීම විශේෂත්වයක්.

මෙම කාන්තාවන් මිනීමරු වෙඩික්කරුට අවශ්‍ය ආහාර පාන, නවාතැන් සහ ආරක්ෂිතව පලා යාමට මඟ පෙන්වීම් කර ඇති බවට මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

ඝාතනය සඳහා ආධාර අනුබල දීමට සහ වෙඩික්කරු ප්‍රවාහනය කිරීමට යොදාගත් බවට සැකකෙරෙන සීඩාන් (Sedan) වර්ගයේ මෝටර් රථයක් සහ කුඩා ලොරි රථයක් පොලිස් භාරයට ගෙන ඇත.

අපරාධය සිදු කළ මොහොතේ සිට පොලිස් ඇසට වැලි ගසමින් මොවුන් වෙඩික්කරු පන්නා දැමීමට මෙම වාහන උපයෝගී කරගෙන ඇති බව වාර්තා වෙයි.

අත්අඩංගුවට ගත් මෙම සිව්දෙනාගෙන් සිදු කරන ලද මූලික ප්‍රශ්න කිරීම්වලදී, ඝාතනය සිදු කළ ප්‍රධාන වෙඩික්කරු සහ මෙම කොන්ත්‍රාත්තුව ලබා දුන් සැබෑ මහ මොළකරු පිළිබඳව ඉතාමත් වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.

මෙය හුදෙක් පෞද්ගලික කෝන්තරයක්ද? නැතිනම් ඉඩම් ආරවුලක් පිටුපස සැඟවුණු කුමන්ත්‍රණයක්ද යන්න ලඟදීම රටටම හෙළි වීමට නියමිතයි.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *