BREAKING NEWS
Search

අකුරේගොඩ වෙඩිතැබීමට සම්බන්ධ වෙඩික්කරුවෙකු අත්අඩංගුවට

0

අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙක් සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන වෙඩික්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අම්බලන්ගොඩ ප්‍රදේශයේදී මොහු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු හමුදාවෙන් පළා ආ අයෙකු බවට තොරතුරු වාර්තා වෙයි.

නීතිඥවරයා සහ ඔහුගේ බිරිඳ ඉලක්ක කරමින් ටී-56 වර්ගයේ තුවක්කුවෙන් වෙඩි තැබීම සිදු කර ඇත්තේ ද මෙම සැකකරු බවට මූලික විමර්ශනවලදී අනාවරණවී ඇත.

මේ අතර වෙඩික්කරුවකු වෙඩි ප්‍රහාරයට පෙර පන්නිපිටියේ නවාතැන්පලට රැගෙන ආ පුද්ගලයෙකු තායිලන්තයට පලාගොස් තිබේ.

කහදූව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඔහු මෙම ඝාතනය මෙහෙය වූ බව කියන කරන්දෙණියේ සුද්දා නම් අපරාධකරුගේ සමීපතමෙයකු බව පොලීසිය සඳහන් කරයි.

ඒ අනුව වෙඩික්කරු ප්‍රවාහනය කළ මෝටර් රථය හා රටින් පලාගිය පුද්ගලයා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට යෑම සඳහා කුලී පදනම මත ලබාගත් මෝටර් රථය අද (21) පස්වරුවේ  අපරාධ විමර්ශන කොට්ඨාසය භාරයට ගෙන ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *