සැකකරුවෙකුට රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප දෙක බැගින් නියම කළ මහේස්ත්‍රාත්වයා බාලවයස්කාර සැකකරුවන්ගේ ඇපකරුවන් ලෙස දෙමාපියන් පෙනී සිටිය යුතු බවටද නියෝග කළා.
බන්ධනාගාර නිලධාරීන් විසින් ආවරණය කර අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්ටුවකට යොමු කළ අතර සාක්ෂිකරු විසින් සියලු සැකකරුවන් අදාළ ස්ථානයේ සිටි තැනැත්තන් බවට හඳුනාගෙන ඇත.
නිරූපණ ශිල්පිණීයකගේ පුත්‍රයාගේ හිතවතෙකු මීට මාස තුනකට ඉහතදී යතුරුපැදියක යමින් සිටියදී රාජගිරිය ප්‍රදේශයේ දී ත්‍රී රෝද රථයක ගැටී අනතුරක් සිදුව ඇති අතර එම සිද්ධියෙන් පසු පැමිණි නිරූපණ ශිල්පිණීයකගේ පුත්‍රයා ඇතුලු සැකකරුවන් පිරිස ත්‍රීරෝද රථ රියදුරුට පහරදී ම සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය මගින් මෙම විමර්ශනය සිදු කර තිබුණා.
සැකකරුවන් වෙනුවෙන් නීතිඥ අචිනි උමයංගනා සහ නීතිඥ ඉමාශි සේනාධිර මහත්මිහු පෙනී සිටි සිටිමින් සැකකරුවන්ට ඇප ලබා දෙන ලෙසට ඉල්ලා සිටියා.
ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ට ඇප ලබා දෙමින් විමර්ශන ප්‍රගතිය ජුනි 8 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියෝග කළා.




















