වාහන මිල ගැන කාලයෙක් කාලයට වෙනස් ආරංචි ඇසෙන අතරතුර මේ ඇසුණේ තවත් අන්න ඒ වගේ කතාවක්..
සමාජ ආරක්ෂණ බද්ද හේතුවෙන් වාහන මිල විශාල ලෙස ඉහළ යාමක් සිදු නොවන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
ඊයේ (19) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මේ බව කියා සිටියේ.
එසේම මේ සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කර ගත යුතු නොවන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.




















