BREAKING NEWS
Search

බැංකු ගිණුම් 08ක්.. ව්‍යාජ හැඳුනුම්පතක්.. ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ නීතිඥවරිය ගැන ඇසෙන වෙනස්ම ආරංචියක් මෙන්න..

0
මේ කියන්න යන්නේ ඒ සිද්ධිය සම්බන්ධ තවත් කතාවක් ගැනයි..
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආධාර අනුබල දුන් බවට සැකපිට අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත සිටින තමරා කුමාරි අබේරත්න නමැති නීතිඥවරිය, ව්‍යාජ හැඳුනුම්පතක් භාවිතා කරමින් කඩවත ප්‍රදේශයේ බැංකුවක ගිණුම් අටක් (08) පවත්වාගෙන ගොස් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (19) අධිකරණයට දැනුම් දුන්නා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ, මෙම සැකකාර නීතිඥවරිය ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර සකස් කළ ගිණුම් හරහා විශාල වශයෙන් මුදල් ගණුදෙනු සිදු කර ඇති බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, අදාළ බැංකු ගිණුම් අට පිළිබඳව පුළුල් විමර්ශනයක් පවත්වා ඒ පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

මෙම ඝාතන සිද්ධියට අදාළව දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අනෙක් සැකකරුවන් තිදෙනා ලබන මස 05 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ද අධිකරණය මෙහිදී නියෝග කළා.

එසේම, මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මහේෂ් ඔබේසේකර නමැති සැකකරු සන්තකයේ තිබී සොයාගත් බෝම්බය නිෂ්ක්‍රිය කිරීමට ද අධිකරණය විසින් පොලිසියට අවසර ලබා දුන්නා.

මෙම සිද්ධිය යළි ලබන මස 05 වැනිදා කැඳවීමට අධිකරණයෙන් නියම කෙරුණා.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *