රාජගිරිය කලපලුවාව ප්‍රදේශයේදී ත්‍රීරෝද රථ රියදුරෙකුට පහර දුන් බවට චෝදනා ලැබූ ජනප්‍රිය නිරූපණ ශිල්පිනියකගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් හත්දෙනාගේ හඳුනාගැනීමේ පෙරට්ටුව අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවැත්වීමට නියමිතව තිබුණා.
බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකරුවන්ගේ අනන්‍යතාවය සුරැකීම සඳහා ඔවුන්ගේ මුහුණු සම්පූර්ණයෙන්ම ආවරණය කරමින් අධිකරණයට රැගෙන ආවේ, සාක්ෂිකරු ලවා ඔවුන්ව නිවැරදිව හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කිරීමටයි.
හැබැයි ඒ මොහොතේදී කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ ‘අකරතැබ්බයක්’ සිදුවුණා.
සැකකරුවන්ව හඳුනාගැනීමට සිටි ප්‍රධාන සාක්ෂිකරු, එනම් පහරදීමට ලක්වූ ත්‍රීරෝද රථ රියදුරා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර තිබීම නිසා මෙම හඳුනාගැනීමේ පෙරට්ටුව පවත්වන්නට ඉඩ ලැබුණේ නැහැ.
පැමිණිලිකරු නොමැතිව පෙරට්ටුව තැබිය නොහැකි බැවින් මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍යය මහතා විසින් එම කටයුත්ත කල් තැබුවා.
මේ හේතුව නිසා සැකකරුවන් හත්දෙනාටම අද දිනයේ නිදහස අහිමි වූ අතර, ඔවුන්ව ලබන 20 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
මාස තුනකට පෙර සිදුවූ යතුරුපැදි අනතුරක් නිසා ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුවී ඇති බවයි වැලිකඩ පොලිසිය අධිකරණයට ප්‍රකාශ කළේ.




















