BREAKING NEWS
Search

හම්බන්තොට පාරේ මාරක බස් රේස් එකක්..! බස් දෙකක් එකිනෙකා පරයා යන්න ගිහින් 25ක් රෝහලට..

0

අද දහවල් 1ට විතර හම්බන්තොට – මාතර ප්‍රධාන පාරේ පල්ලෙමලල පැත්ත අමුතුම ධාවන පථයක් වුණා.

දෙහිඅත්තකණ්ඩියේ ඉඳන් ආපු ලංගම බස් රථයේ රියදුරු මහතාට ඉස්සරහින් යන ප්‍රයිවට් බස් එක දැක්කම ඇතිවුණේ පුදුම ‘ගැම්මක්’.

තිස්සමහාරාමයේ ඉඳන් මාතරට යන ප්‍රයිවට් බස් එක පරද්දන්න හිතාගෙන ලංගම බස් එක මාරක රේස් එකක් පටන් ගත්තා.

හැබැයි ඉතින් මේ රේස් එකේ ‘ෆිනිෂිං ලයින්’ එක තිබුණේ පාරේ නෙවෙයි, පාර අයිනේ තිබුණු වෙළෙඳසලක තාප්පේ උඩ.

ඉස්සර කරන්න ගිය ලංගම බස් එකේ වේගය පාලනය කරගන්න බැරිවුණාම, ඒක ගිහින් වැදුණේ ප්‍රයිවට් බස් එකේ පිටුපස.

එතනින් නතර වුණේ නැති ලංගම බස් එක, වෙළෙඳසලක තාප්පයකුත් කුඩු කරගෙනම තමයි නතර වුණේ.

අන්තිමේදී බස් රේස් එකේ ප්‍රතිඵලය වුණේ මගීන් 25 දෙනෙක් එකවර හම්බන්තොට රෝහලට ‘මාරු’ වීමයි.

පුදුමේ කියන්නේ ලංකාවේ සුන්දරත්වය බලන්න ආපු විදේශීය සංචාරකයන් තිදෙනෙකුටත් මේ රේස් එකේ රහ බලන්න සිද්ධ වීම.

දැන් ඉතින් ලංගම බස් එකේ බ්‍රේක් වැදිලා තියෙන්නේ තාප්පෙට නිසා, රියදුරු මහත්වරුන්ට සිද්ධ වෙලා තියෙනවා පොලිසියත් එක්ක තවත් අලුත් ‘රේස්’ එකක් දුවන්න.

පාරේ යන මගීන්ගේ ජීවිත ගැන නොහිතා කරන මේ වගේ ‘සංදර්ශන’ වල අවසානය මෙහෙම තමයි කියලා පල්ලෙමලල ජනතාව කියනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *