අඹතලේ සිට දෙහිවල දක්වා ජලය සපයන ප්‍රධාන ජල සැපයුම් මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවා තිබේ.
ඒ අනුව මොරටුව, රාවතාවත්ත, සොයිසා පුර, රත්මලාන, ගල්කිස්ස, දෙහිවල, වැල්ලවත්ත, පාමංකඩ, මුල්ලේරියාව, කොළොන්නාව යන ප්‍රදේශවලට මෙම ජල කප්පාදුව බලපැවැත්වේ.
එමෙන්ම අඩුපීඩන තත්ත්වයක් යටතේ බත්තරමුල්ලට ජල සැපයුම ලබාදේ.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනු ලබන්නේ හෙට (19) උදෑසන 6ට පෙර ජල සැපයුම යථාතත්ත්වයට පත්කිරීමට අපේක්ෂා කරන බවය.



















