BREAKING NEWS
Search

මාරයා කැඳවූ අම්මගේ අනිසි ප්‍රේමය.. – හෝමාගම මාගම්මනින් ඇසෙන හදවත පෑරෙන පුවතේ සුලමුල හෙළිවෙයි..

0
ලෝකයේ ආරක්ෂිතම තැන “අම්මාගේ තුරුළ” යැයි කියා අපි විශ්වාස කළත්, හෝමාගම මාගම්මනින් ඇසෙන මේ අවාසනාවන්ත පුවත ඒ විශ්වාසය කෑලිවලට කඩා බිඳ දමනවා.
අවුරුදු දෙකයි මාස හතරක් වයසැති පුංචි පරින්දි දිලන්යා දියණිය අද සදහටම දෑස් පියාගෙන.

ඒ ඇයගේම අම්මා කැඳවාගත්තු “අනිසි ප්‍රේමය” හමුවේ ඇය මාරයාට බිලිවුණු නිසාවෙන්.

පියා අතහැර ගිය පසු මව තෝරාගත් අනියම් සහකරු මේ නිවසට පැමිණෙන්නේ මීට මාස හතරකට පෙරයි.

එතැන් පටන් ඒ පුංචි කැකුළු දෙකට නිරන්තරයෙන් ලැබුණේ ආදරය වෙනුවට කෲර වධහිංසා. වැඩිහිටියන්ගේ කාමයටත්, විනෝදයටත් මේ අහිංසක දරුවන් “බාධාවක්” වූ සැමවිටම ඔවුන්ට ලැබුණේ අතේ පයේ රිදුම් දෙන ප්‍රහාරයන්.

අධිකරණ වෛද්‍ය පණීත සෙනෙවිරත්න මහතාගේ වාර්තාවෙන් හෙළි වන තිත්ත ඇත්ත නම්, පරින්දි දියණියගේ මරණයට හේතුව හිස මොට පෘෂ්ඨයක ගැටීමෙන් මොළයට සිදු වූ බරපතල හානියයි.

මියයන්නට පෙර දිනත් කෲර ලෙස පහර කෑ ඇය, අවසානයේ රෝහලට රැගෙන යන විටත් සිටියේ සදහටම නිහඬ වෙලා.

සිතන්න, තමන්ට පහර දෙද්දී ඒ පුංචි දියණිය “අම්මේ” කියා කෑගසන්නට ඇති. පපුවට තුරුළු වී බේරාගන්න යැයි ඉල්ලන්නට ඇති.

නමුත් ප්‍රේමයෙන් අන්ධ වූ මවක් ඉදිරිපිටදීම මේ පුංචි දියණිය තැලී පොඩි වී පරවී ගියා.

මියගිය දියණිය මිනී පෙට්ටියක සැතපෙද්දී, ඇය වැදූ මවට අද සිදුව ඇත්තේ පොලිස් කූඩුවේ ලගින්නටයි.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *