ලොව ජනප්‍රියතම වීඩියෝ හුවමාරු වෙබ් අඩවියක් වන යූටියුබ් (YouTube) ජාලය ගෝලීය වශයෙන් බිඳ වැටීමකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ලොව පුරා සිටින පරිශීලකයින්ට යූටියුබ් ඇප් එක (App) හරහා පිවිසීමට උත්සාහ කිරීමේදී “Something Went Wrong” යනුවෙන් දෝෂ පණිවිඩයක් දිස්වන බවත්, මේ හේතුවෙන් වීඩියෝ නැරඹීමට නොහැකි වී ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙම බිඳ වැටීම සඳහා නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, එය යථා තත්ත්වයට පත් කිරීමට තාක්ෂණික කණ්ඩායම් කටයුතු කරමින් සිටින බව සඳහන්.


















