පිළියන්දල ප්‍රදේශයේ බෝඩිම් කාමරයක තිබී කොකේන් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් දහයක් ගන්ජා මිශ්‍ර චිප්ස් මත් ද්‍රව්‍ය ග්‍රෑම් දෙසිය පනස් පහක් සමඟ ජනප්‍රිය ටෙලි නාට්‍යය රංගන ශිල්පියකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මත්තේගොඩ පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර ප්‍රදේශයේ සහ පිලියන්දල ප්‍රදේශවල පදිංචි (26 සහ 28 ) වයසේ පසුවන තිදෙනකු බව පොලීසිය කියයි.
කොළඹ සිට අනුරාධපුරයට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන පුද්ගලයෙකු පිළිබඳව මත්තේගොඩ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දික කුමාර මහතාට ලද තොරතුරක් අනුව පිළියන්දල නගර මධ්‍යයේ බෝඩිං කාමරයක් පරීක්ෂා කෙරිණි.
පසුව මෙම මත්ද්‍රව්‍ය සැකකරුවන්ට ලබා දෙන පුද්ගලයා පිළිබඳ ලද තොරතුරකට අනුව ඔහුගේ පිළියන්දල නිවස පරීක්ෂා කිරීමේදී එහි තිබී තවත් ගංජා මිශ්‍ර චිප්ස් ග්‍රෑම් 255 හමු වී තිබේ.
පසුව සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේදී එම මත්ද්‍රව්‍ය අවසන් වරට අත්අඩංගුවට ගත් සැකකරු විසින් ලබා දෙන බවත් එසේ ලැබෙන මත්ද්‍රව්‍ය කොළඹ සිට අනුරාධපුරයට කූරියර් සේවාවක් හරහා ප්‍රවාහනය කරන බවට තොරතුරු අනාවරණය වූ බවත් පැවසේ.
ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අද (17) දා කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමටට නියමිතය.




















