විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව හා පාකිස්තානය අතර අද (15) රාත්‍රියේ පැවැත්වෙන තරගය නැරඹීම සඳහා නිසි අවසරපතක් නොහැකි කිසිදු ක්‍රීඩාලෝලියෙකු පැමිණීමෙන් වළකින ලෙස පොලීසිය ක්‍රීඩාලෝලීන්ගෙන් ඉල්ලයි.
තරගයට අදාළ සියලු ප්‍රවේශපත් විකිණී අවසන් වුවත්, කෙසේ නමුත් බොහෝ දෙනෙක් අදත් ප්‍රවේශපත් ලබාගැනීමට සඳහා ක්‍රීඩාංගණයට පැමිණෙන බව පොලීසිය පවසයි.
ඒ හේතුවෙන් පොලීසිය ඉල්ලා සිටින්නේ නිසි අවසරපතන් නැතිව පැමිණ අපහසුතාවට පත් නොවන ලෙසය.
මේ සම්බන්ධයෙන් දැන් පැවැත්වෙන විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදි අදහස් දැක්වූ බස්නාහිර පළාත භාර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා,
“කරුණාකරලා, නිසි අවසර පත්‍රයක් නොමැති නම් පැමිණ අපහසුතාවයට පත්වෙන්න එපා. මාර්ග බාධක 4ක් තියෙනවා. සෝදිසි කපොලු 6ක් තියෙනවා. මේවාගෙන් ඇතුළු වෙන්න දෙන්නේ නෑ. QR කේතය එක්ක මේක ඕනේ. එහෙම එන්න එපා. ඇතැම් ස්ථානවල අපි පුළුල් තිර යොදලා අවශ්‍ය පහසුකම් යොදලා තියෙනවා” යැයි පැවසීය.

















