BREAKING NEWS
Search

ලොව ප්‍රබල රටක් WhatsApp තහනම් කිරීමට සැරසෙයි.. ඇස් මවිත වෙන ඒ ආරංචිය මෙන්න..

0
ලොව වඩාත් ජනප්‍රියම සමාජමාධ්‍ය යෙදවුමක් තමයි WhatsApp කියන්නේ.

ඉදිරියේදී රුසියාවේ සිද්ධවෙන්න යන ඒ සිදුවීම ගැන මේ නිසාම ලෝකයේ බොහෝ දෙනාගේ දැඩි අවදානය යොමුවී තිබෙනවා.

රුසියානු රජය (ක්‍රෙම්ලිනය) පණිවුඩ හුවමාරු යෙදුම් (messaging apps) මත පනවා ඇති සීමාවන් තවදුරටත් දැඩි කරමින්, එරට තුළ වට්ස්ඇප් සේවාව “සම්පූර්ණයෙන්ම අවහිර කිරීමට උත්සාහ කර ඇති” බව එම සමාගම පවසනවා.

මෙටා (Meta) සමාගමට අයත් වට්ස්ඇප් පවසන්නේ, රුසියාවේ වෙසෙන සිය මිලියන 100කට අධික පරිශීලකයින් “රජය සතු නිරීක්ෂණ යෙදුමක්” වෙත යොමු කිරීම මෙම පියවරේ අරමුණ බවයි.

මෙම පියවර ගෙන ඇත්තේ, ආරක්ෂාව පිළිබඳ ගැටලු පවතින බව පවසමින් රුසියානු බලධාරීන් ටෙලිග්‍රෑම් (Telegram) යෙදුම සඳහා වූ ප්‍රවේශය ද තවදුරටත් සීමා කිරීමෙන් පසුව බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

රුසියාව තුළ ටෙලිග්‍රෑම් භාවිත කරන්නන් ප්‍රමාණය ද වට්ස්ඇප් පරිශීලකයින් ප්‍රමාණයට සමාන බව ගණන් බලා තිබෙනවා.

රුසියානු සන්නිවේදන නියාමන ආයතනය (Roskomnadzor) දේශීය නීතිවලට අනුකූල වන ලෙස වට්ස්ඇප් වෙත දිගින් දිගටම අනතුරු ඇඟවීම් කර ඇති බව සඳහන්.

රුසියානු වැසියන්ව රජය විසින් නිමවන ලද “Max” නමැති නව සන්නිවේදන වේදිකාව භාවිත කිරීමට පොළඹවනු ලබනවා.

එය චීනයේ ‘WeChat’ යෙදුමට සමාන වන නමුත්, එහි පණිවුඩ සංකේතනය (encryption) කිරීමේ පහසුකම නොමැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

රුසියාව විසින් මෙටා සමාගම “අන්තවාදී සංවිධානයක්” ලෙස නම් කර ඇති බැවින්, 2022 වසරේ සිට ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් රුසියාව තුළ අවහිර කර තිබෙනවා.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *