අද (12) පල්ලේකැලේ Stadium එකේ පැවැත්වෙන ලංකාව සහ ඕමානය අතර T20 තරඟය අතරතුර හිතාගන්න බැරි සිදුවීමක් වෙලා තියෙනවා.
ක්‍රීඩාංගණයේ ටෙන්ට් ගහන්න ආපු සේවකයෙක්ව පොලිසියෙන් කුදලාගෙන ගිහින් කියලයි ආරංචිය.
සිද්ධිය වෙන්නේ මෙහෙමයි. ක්‍රීඩාංගණයේ ටෙන්ට් ගහන්න තාවකාලික පදනම මත බඳවාගෙන හිටපු මහනුවර අස්ගිරිය පැත්තේ 24 හැවිරිදි තරුණයෙක් අද වැඩට ඇවිත් නැහැ. ඒ වෙනුවට එයාගේ හැඳුනුම්පත (ID එක) අරගෙන දිගන රජවැල්ලේ පදිංචි 19 හැවිරිදි තරුණයෙක් හොරටම Ground එක ඇතුළට රිංගලා.
මෙයා වෙන කෙනෙක් විදිහට පෙනී ඉඳලා වැඩ කරන්න හදද්දී පස්වරු 1.00 ට විතර ක්‍රීඩාංගණයේ කාර්ය මණ්ඩලයටම මෙයාව මාට්ටු වෙලා. පස්සේ එයාලා මෙයාව පොලිසියට භාර දීලා තියෙනවා.
ඔහුට එල්ල වන චෝදනාව වන්නේ අන් අයෙකු ලෙස පෙනී සිටීම. සැකකරු පල්ලේකැලේ පොලිසියේ හිරබාරයේ ඉන්නේ, වැඩිදුර විමර්ශන කරගෙන යනවාලු.



















