කියන්න යන්නේ අද දවසේ අහන්න ලැබුණ තවත් විශේෂ සිද්ධියක් ගැන කතාවක්.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පද්ධති බිඳවැටීමක් හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම අඩාල වී තිබෙනවා.
හැකි ඉක්මනින් සේවාවන් යථා තත්ත්වයට පත් කිරීමට බලධාරීන් කටයුතු කරමින් සිටින බවයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.



















