BREAKING NEWS
Search

අද සිට කාලගුණය වෙනස් වෙන්නේ මෙන්න මෙහෙමයි..

2002
පසුගිය දින කිහිපය පුරාම දිවයිනේ බොහෝ ප්‍රදේශවලට දැඩි බලපෑමක් එල්ල කළ අධික වියළි කාලගුණික තත්ත්වය අද සිට වෙනස් වනු ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සුබ ආරංචියක් ගෙන එනවා.
එම දෙපාර්තමේන්තුව පවසන පරිදි අද දිනයේ සිට වියළි බව මැකී ගොස් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවීමේ ලකුණු පහළ වී තිබෙනවා.

මධ්‍යම සහ ඌව පළාත්වලත්, අම්පාර, මඩකළපුව, පොළොන්නරුව සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවූ තරමක තද වැසි ඇතිවිය හැකි බවයි වාර්තා වන්නේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවලට ද හෙට පස්වරු 2:00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ වැඩි සම්භාවිතාවක් පවතිනවා.

පෑවිල්ල නිසා පීඩා විඳි ජනතාවට මෙය සහනයක් වුවත්, වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු පිළිබඳව විමසිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *