BREAKING NEWS
Search

ලයිසන් නැතිව පාරට බහින දරුවන් ඉන්න හැම ගෙදරකටම මේ පුවත රතු එළියක්.. ගම්පහ සිසුවෙකුගේ වැඩෙන් දෙමව්පියන්ට වැඩ වරදී..

0

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

පොලිස් අණ පවා නොතකා, බලපත්‍ර රහිතව යතුරුපැදි පදවන පාසල් සිසුවෙකුට සහ ඔවුන්ට වාහන ලබාදුන් දෙමව්පියන්ට ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයෙන් දැඩි පාඩමක් ඉගැන් වූ පුවතක් වාර්තා වෙනවා.
ආදායම් බලපත්‍රය, රියැදුරු බලපත්‍රය හෝ රක්ෂණ සහතිකය පවා නොමැතිව, පොලිස් අණද නොතකා යතුරුපැදියක් පැදවූ 17 හැවිරිදි පාසල් සිසුවෙකුට එරෙහිව ගම්පහ පොලිසියේ රථවාහන අංශය මගින් නඩුවක් ගොනුකර තිබුණා.

නඩුව විභාග කළ ගම්පහ අතිරේක මහේස්ත්‍රාත්වරයා, චෝදනා සියල්ලටම වරදකරු වූ සිසුවාට රුපියල් 70,000 ක දඩයක් නියම කළ අතර, දරුවා ගැන නිසි අවධානයක් නොදැක්වූ මව්පියන්ට රුපියල් 25,000 ක දඩයක් නියම කළා.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා දෙමව්පියන්ට දැඩි ලෙස අවවාද කරමින් කියා සිටියේ මෙවැනි දරුවන්ට වාහන ලබාදීමෙන් මහමඟ යන ජනතාවගේ මෙන්ම එම දරුවාගේ ද ජීවිත බරපතළ අනතුරක වැටෙන බවයි.

දරුවන්ගේ දඟකාරකම්වලට ඉඩ දී වගකීම පැහැර හරින දෙමව්පියන් ද මෙම වරදට සෘජුවම වගකිව යුතු බව අධිකරණය අවධාරණය කළා.

දෙමව්පියනි, දරුවාට ආදරය කිරීම යනු ඔවුන් ඉල්ලන හැමදේම ලබාදීම නොව ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමයි.

පමාවී හෝ ලැබුණු මේ පාඩම ඔබ සැමට රතු එළියක්!

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *