රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
මහර ප්‍රාදේශීය සභාවේ පෙබරවාරි මාසික සභා රැස්වීම ඊයේ (10) පැවති අතරතුර විපක්ෂයේ සිටි සමගි ජන බලවේගයේ මන්ත්‍රී මංජුල සුරවීර වැල්වැටිතුරෙයි පිහිටි ප්‍රභාකරන්ගේ සොහොයුරියට නිවෙසක් අලුත්වැඩියා කර දීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් සභා ගැබෙන් පිටවි ගියා.
මේ රැස්වීම උප සභාපති රසික දර්ශන දුමින්දගේ (ජාජබ) ප්‍රධානත්වයෙන් ඊයේ (10) පෙරවරුවේ මහර ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදී පැවැත්වුණා.
මහර ප්‍රාදේශීය සභාවේ සභාපති අතුල ජයන්ත කලුආරච්ච් (ජාජබ) රාජකාරි කටයුත්තකට විදේශ ගත වි සිටින හෙයින් ඊයේ (10) එහි ප්‍රධානත්වය ඉසිලුවේ උප සභාපතිවරයයි.
මෙහිදි විපක්ෂයේ සිටි සමගි ජන බලවේගයේ මන්ත්‍රී මංජුල සුරවීර, “මේ සභා රැස්වීම ආරම්භ වි පැය දෙකක පමණ කාලයක් ගත වෙනවා. මේ වනතෙක්ම පසුගිය පාලන කාලයේ සභාව මගින් ප්‍රජා මණ්ඩලවලට ලබා දුන් හට් හා පුටු ගැන කතා කරමින් කාලය ගත කරනවා. අපට කතා කරන්නට කාලය ලැබෙන බවක් පේන්නට නැහැ. ඒ නිසා මා කතා කරන්නට සිටියේ වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ ප්‍රභාකරන්ගේ සොහොයුරියට නිවෙසක් අලුත්වැඩියා කර දීම ගැනයි. එයට කාලයක් නැති හෙයින් මා පිටව යනවා” කියමින් සභා ගැබෙන් පිටවි ගියා.
නමුත් සභා රැස්වීම දිගටම පවත්වා ගෙන ගියා.



















