BREAKING NEWS
Search

ගුරුවරයෙකුගේ හැසිරීම නිසා ප්‍රදේශයක් කැළඹෙයි..

2

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

අද පාසල් පද්ධතියම එදාට වඩා වෙනස්.

පාසලක සිසුවෙක්ට අවවාදයක් ලබාදෙන්න ගුරුවරයෙකුට බැරිද..?

නැතිනම් ගුරුවන්ගේ විනය අද පිරිහිලාද..? මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන අමුතුම කතාවක් කිව්වොත් ඒ ගැන ඔබ විශ්වාස කරනවාද..? ඒ කතාව ඇසෙන්නේ නුවරඑළිය ප්‍රදේශයෙන්.

නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නානුඔය ප්‍රදේශයේ පාසලක 08 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියකට ගුරුවරයකු අමානුෂික ලෙස පහරදීමේ සිදුවීමක් පසුගිය දිනයක වාර්තා වුණා.

මේ හේතුවෙන් එම පාසල් සිසුවිය නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත පසුගිය 05 දා ඇතුළත් කර තිබුණා.

පහර කෑමෙන් පීඩාවට පත් පාසල් සිසුවිය 06 දා පාසල් ගොස් නැහැ.

හිසරදය, කරකැවිල්ල, ඔක්කාරය යන රෝග ලක්ෂණ නිසා දියණියගෙන් කරුණු විමසූ විට ගුරුවරයා පහර දුන් බව ඇය පවසා තිබුණා.

දෙමව්පියන් ඒ පිළිබඳව නානුඔය පොලිසියට පැමිණීලි කර පසුව සිසුවිය රෝහල් ගත කර ඇති අතර, පහර කෑමට ලක් වූ සිසුවිය කියා සිටියේ අදාළ ගුරුවරයා නිරන්තරයෙන් ශිෂ්‍යාවන්ට හිරිහැර කරන බවත්, ඔවුන්ට වාචිකව අපයෝජනය කර පහර දෙන බවයි..

“05 දා මට කම්මුලට සහ කන් ප්‍රදේශවලට දරුණු ලෙස පහර දුන්නා.

අවසානයේ මගේ හිස මේසය මත තබා ගුරුවරයාගේ වැලමිටෙන් මගේ පිටට පහර දුන්නා.

මේ නිසා, මට වේදනාව දරාගත නොහැකි වුණා. පාසල අවසන් වනතුරු මට මුත්‍රා පිටවීමට පටන් ගත්තා” යැයි පහර කෑමට ලක් වූ සිසුවිය කියා ඇත.

ගුරුවරයා මීට පෙර ද සිසුවකුට පොල්ලකින් පහර දී ඇති බවට දෙමාපියෝ චෝදනා කරති.

නානුඔය පොලිසිය සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇත.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *