BREAKING NEWS
Search

දඹුල්ලේ අනතුරකින් දෙකක් මරුට

764

දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහා ප්‍රදේශයේ   යතුරුපැදියක් සහ වෑන් රථයක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන් ගත් තරුණයන් දෙදෙනකු මිය ගොස් වෑන් රථයේ රියදුරු තුවාල ලබා ඇතිබව සීගිරිය පොලිසිය කියයි

මෙසේ මිය ගොස් ඇත්තේ දිගම්පතහා ප්‍රදේශයේ සංචාරක හෝටලයක සේවය කරන සේවකයන් දෙදෙනෙකු බවත් දඹුල්ල සහ තනමල්විල ප්‍රදේශ පදිංචිකරුවෝ බව පොලිසිය සඳහන් කර සිටී. වෑන් රථය දඹුල්ල සිට හබරණ දෙසට ධාවනය වෙමින් තිබී ඇත.

හබරණ දෙසින් දඹුල්ල දෙසට යතුරුපැදිය ධාවනය වෙමින් තිබියදී තවත් වාහනයකට ඉස්සර කිරීම සඳහා යාමේදී මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය සැක කරයි

මෙසේ මිය ගොස් ඇත්තේ  ගිම්හාන ජයතිලක සහ තවිදු චේතිය රත්නායක යන දෙදෙනෙකි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *