BREAKING NEWS
Search

බෝට්ටුවක් පෙරළී සංක්‍රමණිකයන් 50කට වැඩි පිරිසක් අතුරුදහන්

467

ලිබියානු වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ දී සංක්‍රමණික බෝට්ටුවක් පෙරළීමෙන් පුද්ගලයින් 50 කට වැඩි පිරිසක් අතුරුදහන් වී ඇති බව වාර්තා වේ.

එහිදී කාන්තාවන් දෙදෙනෙකු පමණක් බේරා ගැනීමට හැකි වූ බව සංක්‍රමණිකයන් සඳහා වන ජාත්‍යන්තර සංවිධානය (IOM) පවසා ඇත.

දිවි ගලවා ගත් නයිජීරියානු කාන්තාවන් දෙදෙනාටම වෛද්‍ය ප්‍රතිකාර ලබා දී තිබේ.

දිවි ගලවා ගත් එක් අයෙක් තම සැමියා අහිමි වූ බව පවසා ඇති අතර අනෙක් කාන්තාව ඛේදවාචකයෙන් තම ළදරුවන් දෙදෙනා අහිමි වූ බව පවසා ඇති බව සඳහන් වේ.

සංක්‍රමණිකයන් සඳහා වන ජාත්‍යන්තර සංවිධානය පවසුවේ මෙම අනතුරට මුහුණ දුන් යාත්‍රාවේ අප්‍රිකානු ජාතිකයන් රැගෙන ගොස් ඇති බවය.

ජනවාරි මාසයේදී පමණක් මධ්‍යධරණී මුහුද හරහා යුරෝපයට යාමට උත්සාහ කිරීමේදී අවම වශයෙන් සංක්‍රමණිකයන් 375 දෙනෙකු මිය ගොස් හෝ අතුරුදහන් වී ඇති බව එම සංවිධානය පැවසීය.

තවත් සිය ගණනක් මෙලෙස අනතුරට ලක්ව ඇති නමුත් ඒ සම්බන්ධයෙන් නිල වාර්තා නොමැති බව සඳහන් වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *