BREAKING NEWS
Search

මෙරට පිළිකා රෝගීන් ගැන ඇස් මවිත වෙන ආරංචියක්.. ඇසෙන ඒ කතාව මෙන්න..

0
කොච්චර කිව්වත්, තියෙන කාර්ය බහුලත්වයත් එක්ක මිනිස්සු බලා නොගන්න එකම රෝගය තමයි පිළිකාව. තමන්ට පිළිකාවක් ඇතියි කියලා හීනෙන්වත් නොහිතන ඔය හැම දෙනාටම එහෙම නොවේවායි කියා ප්‍රාර්ථනා කළත් මේ වෙනකොටත් ශරීරය ඇතුලෙ පිළිකාවක් වර්ධනය වෙලා තියෙන්න පුළුවන්.

ඒ නිසා යන එන ගමන් හෝ මේ තැන්වලින් තමන්ගේ ශරීරය ඇතුලේ පිලිකාවක් වර්ධනය වෙලාද කියන එක සොයා බලන්න මුල් තැන දෙන්න.

ඒ සඳහා පහත සඳහන් පිළිකා කලින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානය වෙත යොමුවෙන්න පුළුවන්.

කොළඹ,යාපනය, රත්නපුර, මාතර,මඩකලපුව, බදුල්ල දිස්ත්‍රික්කවල ඇති සුවනාරී සායන,සුවදිවි සායන,පියයුරු සායන ,ශල්‍ය සායන සහ දන්ත/OMF සායන.

ඔබට සති දෙකකට වඩා වැඩි කාලයක් පහත සඳහන් කර ඇති අනතුරු ඇඟවීම් ඇත්නම් ඔබ වහාම වෛද්‍ය පරීක්ෂණ වෙත යොමුවෙන්න.

පවතින අසාමාන්‍ය ගැටිති හෝ සුව නොවන තුවාලයක්, පියයුරු හෝ වෙනත් තැනක පවතින ගනවීමක් හෝ ගැටිත්තක්, දිගුකාලීන අජීර්ණයක් හෝ බඩ පිපීමක් ගුද මාර්ගයේ හෝ යෝනි මාර්ගයේ සිදුවන අසාමාන්‍ය රුධිර වහනයක් හෝ ශ්‍රාවයක් පිටවීම,වෙනස් වූ මලපහ පුරුදු ගිලීමේ අපහසුතාවයක් උපන් ලපවල සිතුවන පැහැදිලි වෙනස්කම් දිගුකාලීන කැස්ස හෝ කටකටහඬේ ගුරෝසු බව සති දෙකකට වඩා වැඩි කාලයක් පවතින උණ, රාත්‍රී දහඩිය, පැහැදිලි කළ නොහැකි බර අඩුවීම , සහ තෙහෙට්ටුව පැහැදිලි කළ නොහැකි තැලීම්, නිතර ආසාදන ඇතිවීම අස්ථි වේදනා හෝ රෝග ලක්ෂණ ඇත්නම්.

මීට අමතරව දුම්කල භාවිතයෙන් මත්පැන් භාවිතයෙන් හැකි තරම් වැළකී සිටින්න. මත්පැන් සීමා කරන්න. HPV, හෙපටයිටිස් B එන්නත් ලබාගන්න අමතක නොකරන්න. කලින් හඳුනා ගත හැකි පිළිකා හඳුනා ගැනීමේ පරීක්ෂණ වෙත යොමුවෙන්න.

ගෝලීය වශයෙන් නව රෝගීන් මිලියන 20ක් සහ මරණ මිලියන 10ක් වාර්තා වන මෙම පිළිකා රෝගය 2013 වන විට රෝගීන් මිලියන විසි දෙකක් විසි හතක් අතර වන බවත් මරණ මිලියන 13ක් වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ. එහිදී මෙරට රෝගීන් 35,885 (2022) ක් සහ මරණ, 14,986 ක් සහ 2021 වාර්තා වී තිබේ.

ලංකාදීප පුවත්පත ඇසුරෙන්..

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *