BREAKING NEWS
Search

රුපියල් 5,000 නොලැබුණු අයට ලබාදීම හෙට සිට

247

රුපියල් 5,000 දීමනාව මෙතෙක් ලබා නොදුන් සුදුසුකම් ලැබූ පිරිස් සඳහා හෙට (19) සිට එම මුදල ලබාදෙන බව සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා පවසයි.

ඔහු පැවසුවේ ලබන සතියේ මුල් දින කිහිපය වන විට රුපියල් 5,000 දීමනාව ලබා දීම අවසන් කිරීමට හැකිවනු ඇති බවය.

වැඩිදුරටත් අදහස් දැක්වු තිලකසිරි මහතා පැවසුවේ, “මේ වෙලාව වෙනකොට ලංකාවේ සමෘද්ධි බැංකු 1,073 තුළම රජය විසින් ලබාදෙන මෙම සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ රුපියල් 5,000 දීමනාව ලබාදෙමින් සිටින්නේ. මේ මොහොත වෙනකොට අපිට පෙනීගොස් තිබෙනවා ලක්ෂ 23කට වැඩි පිරිසකට මෙම ආධාර මුදල් ලැබිලා තිබෙනවා කියන එක. අපි විශ්වාස කරනවා සම්පූර්ණයෙන්ම සඳුදායින් පසුව එළඹෙන දින දෙක තුන ඇතුළත ඒ සියලුදෙනාගෙත් දීමනාවන් ගෙවා අවසන් කරන්න. ඒ සඳහා අවශ්‍ය කරන අරමුදල් අපි දැනටමත් සමෘද්ධි බැංකුවලට යවලා තියෙනවා. එහෙම නැත්නම් අපි ඉල්ලීම් කරලා තියෙනවා හරියට ම ඒ තහවුරු කරපු ලේඛන අපි වෙත ඉදිරිපත් කරලා අවශ්‍ය මුදල් නැවත තම තමන්ගේ බල ප්‍රදේශවලට ලබා ගන්න කියලා,” යනුවෙනි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *