නීතියේ දෙවඟනගේ ඇස් වසා මිලියන 20ක් ගිලපු ඇමතිට, අවසානයේ හිරගෙදර බිත්ති හතර උරුම වෙයි..

0
චීනය කියන්නේ නීතිය අකුරටම ක්‍රියාත්මක කරන රටක් කියලා අපි හැමෝම දන්නවා.
හැබැයි රටේම නීතිය රකින්න ඉන්න අධිකරණ අමාත්‍යවරයාම හොරකම් කරලා අහුවුණොත්? අන්න ඒ වගේ වැඩක් තමයි දැන් චීනයෙන් වාර්තා වෙන්නේ.

චීනයේ හිටපු අධිකරණ අමාත්‍ය ටැන්ග් යිජුන් (Tang Yijun) ගැනයි මේ කතාව.

මිනිහා සාමාන්‍ය කෙනෙක් නෙවෙයි, 2020 ඉඳන් 2023 වෙනකම් චීනයේ නීතිය මෙහෙයවපු ප්‍රධානියා.

හැබැයි මේ ඇමතිතුමා තමන්ගේ තනතුර පාවිච්චි කරලා දශකයකට වැඩි කාලයක් තිස්සේ හොර රහසේ ඩොලර් මිලියන 20කට ආසන්න අල්ලස් ලබාගෙන තිබෙනවා.

ලංකාවේ මුදලින් බැලුවොත් ඒක කෝටි ගණනක මහා ධනස්කන්ධයක්.

ටැන්ග් යිජුන් කලින් ලියාඕනිං පළාතේ ආණ්ඩුකාරවරයා විදිහටත්, නිංබෝ නගරයේ කොමියුනිස්ට් පක්ෂ ප්‍රධානියා විදිහටත් වැජඹුණු කෙනෙක්.

හැබැයි චීන ජනාධිපති ෂී ජින්පිංගේ “දූෂණ විරෝධී දැලට” මේ ලොකු මාළුවා අහුවුණා.

උසාවිය තීන්දු කළේ මොකක්ද දන්නවද? මිලියන 20ක හොරකමට වන්දිය විදිහට තමන්ගේ මුළු ජීවිත කාලයම හිරගෙදර හතර බිත්තිය ඇතුළේ ගෙවන්න.

ඒ කියන්නේ 64 හැවිරිදි මේ හිටපු ඇමතිට දැන් නිදහස් අහස දකින්න වෙන්නේ නැහැ.

මේ කතාවේ තවත් පැත්තක් ගැන විචාරකයෝ කතා වෙනවා. ෂී ජින්පිං ජනාධිපතිවරයා 2012 ඉඳන් පටන් ගත්තු මේ “දූෂණ මර්දන” වැඩපිළිවෙළ ඇත්තටම හොරු අල්ලන්න කරන එකක්ද, නැත්නම් තමන්ට එරෙහිව ඉන්න දේශපාලන ප්‍රතිවාදීන්ව එකින් එක කපලා දාන්න කරන “ගේමක්ද” කියන එක ගැන ලොකු කුතුහලයක් ලෝකය පුරා තියෙනවා.

කොහොම වුණත්, “ඇමතිකම තිබුණත් වැරදි කළොත් බේරුමක් නැහැ” කියන පණිවිඩය නම් මේ සිද්ධියෙන් මුළු ලෝකයටම ගිහින් ඉවරයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *