BREAKING NEWS
Search

අත්අඩංගුවට ගත් හේමාල් ගැන ඇසෙන අලුත්ම ආරංචිය මෙන්න

0
පුද්ගලයෙකුට පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබූ රංගන ශිල්පී හේමාල් රණසිංහ වැල්ලවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණා.
ඔහු අද උදෑසන පොලිසියට භාරවීමෙන් අනතුරුවයි මෙලෙස ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ. කෙසේ වෙතත්, මේ වන විට හේමල් රණසිංහට ඇප ලබාදී ඇති බවට වාර්තා වෙනවා.

පසුගිය ජනවාරි මස 8 වනදා සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව වැල්ලවත්ත පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණා.

 ඒ අනුව, ඊට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහුට අවස්ථා කිහිපයකදී පොලිසියට පැමිණෙන ලෙසට දැනුම් දී තිබූ පසුබිමකයි අද නීතිඥයෙකු මාර්ගයෙන් ඔහු පොලිසියට භාරවී තිබුණා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *