පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ අද දහවල් කාලයේ ඇති වුණේ අමුතුම කලබලයක්.
ගලහා හන්දිය අසල කිරි අලෙවිසැල ළඟ හිටපු පිරිසක් එකපාරටම විලාප තබමින් එහා මෙහා දුවන්න පටන් ගත්තේ කාටවත් හිතාගන්න බැරි විදිහටයි.
කිසිම සලකුණක් නැතුව අහසින් ආපු මේ බඹර රංචුව එල්ල කරපු ප්‍රහාරයෙන් 8 දෙනෙක් අන්තිමේදී පේරාදෙණිය රෝහලට ඇතුළත් කරලා තියෙනවා.
මේ පිරිස අතර සරසවි සිසුන් 06 දෙනෙක් සහ කාර්ය මණ්ඩලයේ දෙන්නෙක් ඉන්නවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ.
මෙහි ඇති අමුතුම දේ තමයි, මේ ප්‍රහාරය එල්ල වුණු ප්‍රදේශයේ පෙනෙන මානයක කිසිම බඹර වදයක් දකින්න ලැබිලා නැති එක.
ගහක කොළකවත් වදයක් නැතුව කොහෙන්ද මේ බඹරු ආවේ? කියලා දැන් හැමෝම ප්‍රශ්න කරනවා.
කුරුල්ලෙක් බඹර වදයකට ඇන්නාද, නැත්නම් වෙනත් හේතුවක් නිසා බඹරු ඇවිස්සුණාද කියන එක තවම රහසක්.
පාලනාධිකාරිය ක්‍රියාත්මක වෙයි සිද්ධියෙන් පස්සේ විශ්වවිද්‍යාල පරිපාලනය දැන් ගලහා හන්දිය අවට “බඹර සෝදිසියක්” පටන් අරන්.
කොහේ හරි සැඟවුණු වදයක් තියෙනවා නම් ඒක ඉවත් කරන්නයි ඔවුන්ගේ සූදානම.
ගලහා හන්දිය පැත්තේ යනවා නම් පොඩ්ඩක් අහස බලලා, පරිස්සමෙන් යන්න කියලා තමයි අපිටත් කියන්න තියෙන්නේ..


















