BREAKING NEWS
Search

කාර් රථය තාප්පයේ ගැටී රියැදුරු මරුට

0

ගෙවත්තක නවතා තැබූ මෝටර් රථයක් ගමන් ආරම්භ කරනවාත් සමග අසල තිබූ තාප්පයක ගැටීමෙන් රියැදුරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ගාල්ල, මිල්ටන් ගුණවර්ධන මාවතේ නිවසකදී ඊයේ (31) දහවල් අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෝටර් රථය ගමන් ආරම්භ කරන අවස්ථාවේදීම රියැදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ රියැදුරු කරාපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේ.

ගාල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *