රටේ සෞඛ්‍ය පද්ධතිය ඇතුළේ ආයෙත් අර්බුදකාරී වාතාවරණයක් නිර්මාණය වෙන්නයි යන්නේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) රජයට සහ සෞඛ්‍ය අමාත්‍යවරයාට ලබාදී තිබූ පැය 48ක කාලය අදින් අවසන් වන අතර, ඔවුන්ගේ ඉල්ලීම්වලට නිසි විසඳුම් නොලැබීම නිසා පෙබරවාරි 02 වැනිදා සිට තම අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගය ඉතාමත් දරුණු ලෙස තීව්‍ර කිරීමට ඔවුන් තීරණය කර තිබෙනවා.
මේකේ දරුණුම පහර වදින්නේ අහිංසක රෝගීන්ටයි.
එදින උදෑසන 8.00 සිට ක්‍රියාත්මක වන පරිදි වෛද්‍යවරුන් පහත සඳහන් තීරණාත්මක පියවරවල් ගැනීමට නියමිතයි…
බෙහෙත් තුණ්ඩුවටත් තිත: රෝහල ඇතුළේ බෙහෙත් හෝ උපකරණ නැති වුණාම ඒවා බාහිරින් ගන්න රෝගීන්ට තුණ්ඩු (Chits) ලියලා දෙන එක වෛද්‍යවරුන් සම්පූර්ණයෙන්ම නවතා දමනවා.
පරීක්ෂණ නතර වෙයි: රෝහලේ කරගන්න බැරි ලේ පරීක්ෂණ, ස්කෑන් වගේ දේවල් පිටින් කරගන්න නිර්දේශ කරලා තුණ්ඩු නිකුත් කරන්නේ නැහැ.
විශේෂඥ වෛද්‍යවරුන් සේවයෙන් ඉවත් වෙයි: තමන් ඉන්න රෝහලෙන් පිටත, වෙනත් රෝහල්වල සේවය ආවරණය කරන්න විශේෂඥ වෛද්‍යවරුන් යන්නේ නැහැ.
පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව: රෝගීන් බලන්න ප්‍රමාණවත් කාර්ය මණ්ඩලය සහ පහසුකම් නැතිනම් රෝගීන් පරීක්ෂා කිරීමෙන් වෛද්‍යවරුන් ඉවත් වෙනවා.
දේශපාලන සායන වර්ජනය: කිසිම දේශපාලන කණ්ඩායමක් සංවිධානය කරන සෞඛ්‍ය කඳවුරකට දොස්තරලා යන්නේ නැහැ.
මේ හැමදේකම අවසාන ප්‍රතිඵලය මොකක්ද? රජය සහ වෛද්‍යවරුන් අතර තියෙන මේ ගැටුම මැද අන්තිමටම අසරණ වෙන්නේ රෝහලට එන අහිංසක දුප්පත් ලෙඩ්ඩු.
රෝහලේ බෙහෙත් නැති වෙද්දී, ඒක පිටින් ගන්න තුණ්ඩුවක්වත් ලියාගන්න බැරි තැනට රෝගියා අසරණ වෙනවා.



















